Tuesday, May 13, 2014

Wesak Poya Day - වෙසක් පොහොය දිනය

Click This Image For Full Size Picture
වෙසක් පොහොය දිනය

සිදුහත් උපත, බුද්ධත්වය, හා බුද්ධ පරිනිර්වානය යන මේ තෙමගුල සිදුවූ පුර පසලොස්වක පොහොය දිනය සමස්ථ බෞද්ධ ජනතාවගේම අති උතුම් පූජනීය දිනයක් ලෙස හැදින්විය හැක. ලංකාවාසී සැමට වෙසක් පුන් පොහොය දිනය නිවාඩු දිනයකි. බුද්ධ පරිනිර්වානයෙන් වසර 2500 කටත් අධික කාලයක් ගෙවී ගියද බෞද්ධ ජනතාව ආමිස ප්‍රතිපත්ති පූජා පවත්වමින් උන්වහන්සේට ගෞරව දක්වති. ඒ අතර දුගී මගී යාචකයින්ට දන්දීම් ගිලලුන්ට උපස්ථාන කිරීම්, පින්කම්, ධර්ම දේශනා, භක්ති ගීත, ජාතක කථා නාට්‍ය, තොරන් සහ වෙසක් නාට්‍ය ආදිය වේ.

බුද්ධත්වයේන් අට වසරකට පසු කැලණියට වැඩීමත්, පැමිණි වාරයේ සමනොල සිරිපා සටහන පිහිටුවීමත් ලාංකීය බුදු සසුන හා සම්බන්ධ වූ වැදලගත් සිදුවීම්ය.


විජය කුමරු පිරිවර සමග ලක්දිවට පැමිණිම හා සමගම ඇතිවූ සිංහල ජාතියේ ආරම්භය, දෙවන පෑතිස් රජු විසින් යුවරජුකු ලෙස දෙවන වරට අභිශේක ලබා දීම, දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑයේ වැඩ ඇරබීම හා එහි බිම සකස් කිරීම ආදියද වෙසක් පුන් පොහොය දිනයේ වැදගත් කම තවත් වැඩිකොට සැලකීමට හේතු වෙයි.

No comments:

Post a Comment