Sunday, April 13, 2014

Bak Full Moon Poya Day - බක් පුන් පොහෝ දිනය

Click This image For Full Size Picture
බක් පුන් පොහොය දිනය


බුදුරජානන් වහන්සේ බුද්ධත්වයට පැමිණ පස්වන වසරේදී දෙවැනි වරට ශ්‍රී ලංකාවට පැමිණීම සිදුවූයේ මෙම පොහොය දිනයේදීය. මහෝදර නාරජුන් හට ඔහුගේ මෑණියන්ගෙන් හිමි වූ මැණික් පුටුවක් ඔහුගේ නැගණියගේ පුතු චූලෝදර විසින් අයිති කරගැනීමට යාමේදී ඇතිවූ කෝලාහලයක් මහා යුද්ධයක් බවට පත්වීමට ආසන්න වූ මොහොතේ එය දිවසින් දුටු බුදු රජානන් වහන්සේ, දෙවුරම් වෙහෙරේ දොරටුව අසල කිරිපලු රුකේ සිටි සම්බුද්ධ සුමන දිව්‍ය පුත්‍රයාද කැදවාගෙන ලක්දිව නාගදීපයට වැඩම කලෝය. බුදුන් වහන්සේ නා රජවරුන් හා නාග සේනාවන් වෙත කාකෝලුක ජාතකය හා චන්දන ජාතකය අලලා ධර්ම දේශනා කොට ඔවුන් සමගි කරවූහ. චූලෝදර -  මහෝදර නාරජුන් මැණික් පුටුව බුදුජුන්ට පූජා කරන ලදී. ඉන් පසු නා රජුන් විසින් බුදුන්ගේ ගමන සිහිවීම සදහා පූජා වස්තුවක් ඉල්ලූ කල්හි බුදුන් වහන්සේ එම මැණික් පුටුව ආපසු භාර දුන්හ. මෙවේලේ මහෝදරට සහය පිණිස කැළණියේ සිට පැමිණ සිටි මණිඅක්ඛිත නා රජු බණ අසා සතුටුව බුදුන් වහන්සේට කැලණියට වඩින ලෙස ආරාධනා කළේය. බුදුන් වහන්සේ බක් පුර පොහොය දින කැළණියට වැඩම කලේ නාගදීපයේදී කළ එම ආරාධනයට අනුවය.
Kelaniya Temple

Nagadeepa Temple


No comments:

Post a Comment