Click On this Image for full Size Picture. |
2. වණ්ණුපත ජාතකය (ජාතක කථා පොතේ සදහන් අන්දමට)
යටගිය දවස කසීරට බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍ය කරන කල්හි අප මහා බෝ සතානෝ සාන්තු නායක කුලයෙහි පිළිසිඳගෙන වැඩි විය පැමිණ පන්සියයක් ගැලින් වෙළඳාම් කොට ඇවිදිනාහුය. මෙසේ වෙළදාම් කොට ඇවිදිනාහු මහා බෝධි සත්වයෝ එක් කලක මරු කතරක පැමිණියාහුය. ඒ වාළුකා කාන්තාරයෙහි වැලි ඉතා සියුම් වන්නේය. මිටින් ගත්වැලි මිට නොසිටින්නේය. හිරු නැගි වේලෙහි පටන් කිහිරඟිරු රැසක් මෙන් කකියන්නේය. පයින් වැලි මැඩගෙන යන්ට නොපිළිවන. එසේ හෙයින් ඒ වාළුකා කාන්තාරයෙහි යන්නා වූ සත්වයෝ දර පැන් තෙල් සහල් ආදිය ගැලින් අරගෙන රාත්‍රියෙහි ගොස් අරුණ නැගුණ වේලෙහි ගැල් මුදා ගැල් පට වලල්ලෙහි සිටුවා මුදුනෙහි කොළ මඩු ඉදිකොට වේලාසනම කා බී ඇකිල මණ්ඩප ඡායාවෙහි ඉඳ දවස් යවා ඉර බැස ගිය කල්හි රාත්‍රි භෝජනය අනුභව කොට බිම සීතලව ගිය කල්හි ගැල් යොදා ගෙන යන්නාහුය. සමුද්‍ර යාත්‍රාවක් හා සමාන වූ ගමන් වන්නේය. ගැල් පදවා ගෙන යන ප්‍රධාන පුරුෂ තෙමේ ගොඩ නියමුවා යැයි නම් ලබන්නට සුදුසු වන්නේය. එසේ හෙයින් තරුසලකුණින් ගැල් සාත්තු පදවාගෙන යන්නේය. අප මහා බෝසතානෝද එකල්හි මේ ක්‍රමයෙන් ඒ මරු කතර යන්නාහු එකුන් සැට යොදුනක් ගොස් දැන් එක රාත්‍රියකින්ම මරුකතර ගෙවා සේම භූමියට පැමිණීම වන්නේයැයි කියහැකි. අවස්ථාවෙහි සවස බත් අනුභව කොට සියළු දර පැන් නිමවා ගැල් යොදා ගෙන නික්මුනාහුය. නියාම පුරුෂයානෝ ඉදිරියේ යන ගැල දික් සඟලා පුටුවක් අතුරුවාගෙන ආකාශයෙහි තරු සලකුණු බලමින් ගැල් මෙසේ පදුව මෙසේ පදුවයි කිය කියා වැදහොත් තැනැත්තෝය. බොහෝ කලක් නොනිදු බැවින් නින්දෙන් මිරිකී නිදන්නට පටන් ගත්තාහුය. එකල්හි ගොන් කරකැවි ආපස්සේ නික්මුනා බව නොදන්නාහු ගැල් අඳනාගොන් සකල රාත්‍රියෙහි අවුත් පළමු දවස් ලැගි තැනටම පැමිණියාහුය. සාත්තු නායක තෙමේ අරුණ නැගෙන වේලෙහි පිබිද නැකැත් තරු බලා ගැල් රඳව රඳවයි කීයේය. මෙසේ කියා ගැල් කරකවා පිළිවෙළින් සිටුවමින් සිටියදීම අරුණු නැංගේය. මනුෂයෝ කියන්නාහු මේ අපගේ කඳවුරු බැඳ උන් තැනය. අපගේ දර පැනුත් නිමවා ගියේය. දැන් නටුවෝමෝදැයි කියා ගැල් මුදා ගැල් වට වලල්ලෙහි සිටුවා මුදුනේ මණ්ඩපයක් කොට තම තමන්ගේ ගැල් යට සෝක ගෙන උන්නාහුය. එවෙලෙහි අප මහ බෝසතානෝ මා විර්ය ඇරපුවොත් සියල්ලෝම නසිතියි සිතා උදෑසන සිසිල් වේලේම ඇවිදිනා තැනැත්තෝ එක් ඊ තන පඳුරක් දැක මේ තණ පඳුරට දිය උරමින් නැංගේ වනැයි සිතා උදැල්ලක් ගෙන්වා ගෙන ඒ ඊතන පඳුර තිබු තැන කණින්ට පටන් ගෙන සැට රියනක් පමණ කැණපූය. මෙතෙක් තැන් කැණ නැවතත් පල්ලේ කන්හයි උදුලු එලන්නාවු මනුෂ්‍යන්ගේ උදුලයට ගල තල මත්තේ වැද ගන්නට පටන් ගත් කල්හි ඇම දෙන අවීරියව ගියහ.
බෝධි සත්වයෝ වනාහී වම් ගල තලින් යට පැන් විය යුතුයයි සිතා ලිඳට බැස ගල තල මත්තෙහි සිට නැමී තමා දියේ යන හඬ පරීක්ෂා කරන්නෝ ගල තල යටින් දිය යන අඬ අසා ලිදෙන් ගොඩ නැගී තමන්ගේ අතවැසි පුරුෂයා හට මෙසේ කිවුය. දරුව තොප අවීරියව ගියෝත් අප සියල්ලෝම නසුම්හ. එසේ හෙයින් තොපි අවීර්යව නොවි පසුනොලැබ වීර්ය වඩා මේ යකුල ගෙන ලිඳට බැස මේ ගල තල මත්තෙහි කුළු ගණනක් එලාපියවයි කියුය. ඒ අසා අතවැසි පුරුෂ මහ බෝසතානන්ගේ වචනය පිළිගෙන ඇමදෙන වීර්ය තබා පියා සිටි කල්හි තෙමේ විර්ය නොහැර ලිඳට බැස ගල තල මත්තෙහි යකුලු ගණනක් එලාපුයේය. එකල්හි ගල තල මධ්‍යනේ බිඳි යට වැටි අවිචින්නව පවත්නා වූ ජල ප්‍රවාහනය ඇස වාගෙන සිටියේය. නාඹ තල් කඳක් සා දිය කඳක් උඩ පැන නැංගේය. එකල්හි සියළු මනුශ්‍යයෝ පැන් බී ජලස්නානය කොට ඉතිරිව තිබු ගැල් සක් ආදිය පුරා කැඳ බත් ආදිය පිස අනුභව කොට ගොනුන් පැන් පොවා තණ ආදීය කවාගෙන ඉර බට වේලෙහි ලිඳ සමීපයෙහි දදජයක් බැඳ මරු කතර ගෙවා තමන් විසින් කැමතිව නල ලද්දා වූ ස්ථානයටම ගියාහුය. ඒ මනුෂ්‍යයෝ තමන් අභිප්‍රාය ස්ථානයෙහිදී බඩු විකුට එකට දෙක හා එකට සතර නියායෙන් දෙදියුණු සතර දියුණු ලාභ ලැබ තමන් පළමු වසන්නා වූ ස්ථානයටම පෙරලා ආවාහ. ඒ හැම මනුෂ්‍යයෝ එහි වසන්නා වූ ආයු පමණින් සිට කම් වූ පරිද්දෙන් මිය පරලව ගියාහය. මහබෝසතානෝද ධානාදී වූ පින්කම් කොට කම් වූ පරිද්දෙන් මියපරලොව ගියාහුය. තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජානන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා වදාරා තවද මත්තෙහි ඒ භික්ෂූන් වහන්සේට ධර්ම දේශනා කරන සේක් යම් සේ වෙළදුන් නොකූසිතව මරු කතර ලිං බැඳ පැන් ලද්දාහුද එපරිද්දෙන්ම මේ සර්වඥ ශාසනයෙහි මහණව නුකූසීතව වීර්ය කරන්නා වූ නුවණැති මහණ තෙමේ iාන මෝක්ෂා මාර්ගඵල ආදී වූ ප්‍රභේද ඇති ලය සැනසීම ලබන්නේය. මහණ තෝ පෙර පැන් පමණක් නිසා වීර්ය කොට දැන් මෙබඳු ර්‍නෛයාත්මික සාසනයේ මහණව මාර්ගඵලයට පැමිණීමෙහි කවර කාරණයකින් වීර්ය ඇරපුයෙහිදැයි මෙසේ නැවතත් ධර්ම දේශනා කොට දුක්ඛ සමුදය නිරෝධ මාර්ගයැයි කියන ලද චතුරාර්ය සත්‍ය ප්‍රකාශ කොට වදාල සේක. චතු සත්‍යය දර්ම දේශනාවගේ කෙළවර පසුබට වීර්ය ඇති භික්ෂූන් වහන්සේ අර්හත් ඵලයෙහි පිහිටි සේක. සාතෘ වූ බුදුරජානන්වහන්සේ අතීත කතාවත් වර්ථ මාන කථාවත් දෙක එක් කොට අනුසන්ධි ගලපා මේ වන්ණුපත ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි නුපසුබට වීර්ය ඇති ගල තල බිඳ මහජනයාට පැන් දුන් අතවැසි පුරුෂයා නම් දැන් මේ පසුබට වීර්ය ඇති මහණ වන්නේය. එසමයෙහි මරු කතර ගියා වූ සෙසු පර්ෂද නම් දැන් මේ බුදු පිරිස් වන්නාහ. එසමයෙහි සාත්තු නායක පුත්‍ර නම් දැන් තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජ වූ මම ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.
2. Wannupatha Jathakaya
Once a time when Brahmadatta was king in
Benares in Kasi the Bodhisatta was born into a trader’s family. When he was
grown up, he used to travel about trading with 500 carts. On one occasion he
came to a sandy wilderness sixty leagues across, the end of which was so fine
that, when grasped, it slipped through the fingers of the closed fist. As soon
as the sun got up, it grew as hot as a bed of charcoal- embers and nobody could
walk upon it. Accordingly, those traversing it used to take fire-wood, water, oil,
rice and so forth on their carts, and only travelled by night. At dawn they
used to range their carts in a circle to form a laager, with an – awning spread
overhead, and after an early meal used to sit in the shade all the day long.
When the sun went down, they had their evening meal; and, so soon as the ground
became cool, they used to yoke their carts and move forward. Travelling on this
desert was like voyaging over the sea; a ‘desert-
Pilot,’ as he was called, had to convoy
them over by knowledge of the stars. And this was the way in which our merchant
was now traveling that wilderness. When he had only some seven more miles
before him, he thought to himself, “To –night will see us out of this sandy
wilderness.” So, after they had had their supper, he ordered the wood and water
to be thrown away, and yoking his carts, set out on the road. In the front cart
set the pilot upon a couch looking up to the stars in the heavens and directing
the course thereby. But so
Long had he been without sleep that he was
tired out and fell asleep, with the result that he did not mark that the oxen
had turned round and were retracing their steps. All night the oxen kept on
their way, but at dawn the pilot woke up, and, observing the disposition of the
stars overhead, shouted out, “Turn the carts round! Turn the carts round!” And
as they turned the carts round and were forming them into line, the day broke.
“Why this is where we camped yesterday,” cried the people of the caravan. “All
our wood and water is gone, and we are lost.” So saying, they unyoked their
carts and made a laager and spread the awning overhead; then each man flung
himself down in despair beneath his own cart. Thought the Brahmadatta to himself,
“If I give in, every single one will perish.” So he ranged to and fro while it
was still early and cool, until he came on a clump of kusa-grass. “This grass,”
thought he “can only have grown up here thanks to the presence of water
underneath.” So he ordered a spade to be brought and a hole to be dug at that
spot. Sixty cubits down they dug, till at that depth the spade struck on a rock
and everybody lost heart. But the Brahmadatta, feeling sure there must be water
under that rock, descended into the hole and took his stand upon the rock.
Stooping down, he applied his ear to it, and listened. Catching the sound of
water flowing beneath, he came out and said to a serving-lad, “My boy, if you
give in, we shall all perish. So take heart and courage. Go down into the hole
with this iron sledge-hammer, and strike the rock.” Obedient to his master’s
bidding, the lad, resolute where all others had lost heart, went down and
struck the rock. The rock which had dammed the stream split asunder and fell
in. Up rose the water in the hole till it was as high as a palm- tree; and
everybody drank and bathed. Then they chopped up their spare axles and yokes
and other surplus gear, cooked their rice and ate it, and fed their oxen. And
as soon as the sun set, they hoisted a flag by the said of the well and
traveled on to their destination. There they bartered away their goods for
twice and four times their value. With the proceeds they returned to their own
home, where they lived Out their term of life and in the end passed away to
fare thereafter according to their deserts. The Brahmadatta too after a life
spent in charity and other good works, passed away likewise to fare according
to his deserts.
No comments:
Post a Comment