Friday, September 6, 2013

Elite Sniper In Sri Lanka Army……. "Nero"

Sniper Nero.....
Click On this Image for full Size Picture

Elite Sniper  In Sri Lanka Army……. "Nero"

   CPL Premasiri alias “Nero” the ultimate sniper in Sri Lanka Army. Who was responsible for talking out nearly 400 LTTE cadres including many 3rd level ranks during wanni mission is a warrior of time that we should never forget.
    We have only heard stories or haven’t seen giants, who walked on this land during period of Dutu Gemunu, but today you can see hears and brave enough infiltrate in to enemy territory and take down viral targets.
     CPL Premasiri alias Nero was working for Sri Lanka Army intelligent Force as he was fluent in Tamil to bewitch Tamil civilization in order to take out top tigers.
     This Warrior gave his last breath on April 28th while he was fighting against terror flanks that were hiding among civilians and went back to mother lankam’s womb for were to live forever as an immortal warrior which will remain in our hearts when we commemorate Freedom.
CPL Ranjith Premasiri
Click On this Image for full Size Picture

CPL Ranjith Premasiri
Click On this Image for full Size Picture

කොටින් සිය ගනනක් තනිවම එලොව යවා රට දැය වෙනුවෙන් දිවි පිදූ අසමසම සැගවුණු වෙඩිකකරැ නීරෝ

   කෝප්‍රල් රංජිත් ප්‍රේමසිරි ඉලක්ක රාජකාරී රැසක් අකුරටම ඉටුකල අති දක්ෂ සැඟවුණු වෙඩික්කරුවෙකි. යුධ හමුදාව සතුව සිටි විශිෂ්ට සම්පතක් වූ ඔහුගේ වෙඩි ප්‍රහාරයන් මගින් කොටි ත්‍රස්තවාදීන් 400 පමණ ජිවිත අහිමි කර තිබිණ. ඒ නිසාත් ඔහුගේ ඉලක්කය කිසි කලෙක වැරදුනේ නැත. ඒ තරමටම ඔහු රාජකාරියට කැපවුණේය.
     රට රකින්නට හිත ඇති ආසාව ඒ කාලයේ පටන්ම රංජිත් අම්මා තාත්තා සමඟ කතාකලේය. ඒත් ඊට මහ ලොකු අනුබලයක්වත් හරස් කිරීමක්වත් පියා වූ ජයසූරිය හා මව වූ ඇන්ගස් රීටා ගෙන්ද බලපෑම් කෙරුනේ නැත.
     පල්ලම මඩලානේ උපන් වික්‍රමසිංහ හිටිහාමිලාගේ රංජිත් ප්‍රේමසිරි ඉගෙන ගත්තේ අණමඩුව මඩලාන විද්‍යාලයෙනි ඉගෙනුම අවසන් කල ඔහු රට රකින්නට යන ගමන ගැන හිතයට තබාගෙන ඔහු වෙනත් රැකියාවන් දෙකක් කලේය.
     ඒ රැකියාවන් සිත් නොගත් නිසාත් හමුදාවට එක්වීමේ අරමුණ නිසාත් ඔහු තීරණයක් ගත්තේය. 1991 පෙබරවාරි මස 12 වනිදා ජීවිතයේ 22 වියේදී රංජිත් යුධ හමුදාවේ ස්වෙච්චා බලසේනාවට බැදුනේය. අනතුරුව දියතලාව යුධ හමුදා පුහුණු පාසල වෙතින් මුලික පුහුණුව ලබා ගජබා රෙජිමේන්තුවේ 5 බල ඇණියට අනියුක්ත වුනේය.
     ඔහු කැමති රැකියාව තෝරාගත් රංජිත්ට හිත කැමති ඉරණම්කාරිය ඒවනවිට හමුවී තිබිණ. ඈ පල්ලම කලුකැලේ තරුණියක වූ නිලූකා ප්‍රසංගනීය. ඒ අනුව 94 වර්ශයේදී ඔවුන්ගේ විවාහය සිදුවුනේය.
     රංජිත් ප්‍රේමසිරි රැකියාවට ආදරය කලා සේම බිරිඳ ගැනද ඒ හා සමානව නිරන්තරව සිතුවේය. ඈ කුලුදුල් පුතු ඉපදෙන්නට සිටියදී ඔහුගේ හැම සිතුවිල්ලක්ම වුයේ ඉපදෙන්නට සිටි දරුවාය. මීට වසර 14 කට කලින් රශ්මික පුතු උපන් දිනයේ ලෝකයක් දිනූ රජෙක් තරමටම ඔහු සතුටු වුණේය. අදින් වසර 11 පෙර ධනුෂ්ක පුතු උපන් දිනයේදී ඔහු එලෙසම සතුටු වුනේය.
     "ඔයාට තනියට පුතාලා දෙන්නෙක්ම ඉන්නවා" නිවාඩු ආ විට රංජිත් පුතාලා හුරතල් කරමින් ප්‍රියානිට කීවේය. හමුදා සේවයට බැදුනාට එතනින් තවත් ඉහලට යන්න නිරන්තරව රංජිත් සිතුවේය. "රට වෙනුවෙන් ඉහලම සේවයක් කරන්න පුලුවන් තැනකට මං යන්න ඕනි ප්‍රියංගි" නිවාඩුවට ගෙදර එන රංජිත් බිරිද සමග සිත ඇති දේ බෝහෝවිට කතා කලාය. එවිට ප්‍රියංගනිද ඔහු දිරිමත් කලාය ඒ කොතරම් රටට මෙන්ම රැකියාවටද ආදරය කරන්නේද කියා ඇය දන්නා බැවිනි.
Corporals' Club In MSTS (Marksman Sniper Tranning School) Diyathalawa
     රංජිත්ට වුවමනා වූයේ දක්ෂ සැගවුණු වෙඩික්කරුවෙකු වීමටයි. එවන් තත්වයක් උදාකරගතහොත් රටට වින කරන කුරිරු කොටි ත්‍රස්තවාදීන් බොහෝ පිරිසක් බිම දැමිය හැකි බව ඔහු දැන සිටියේය. මේනිසාම පුහුණුකම් සපුරා සිටි රංජිත් ප්‍රේමසිරි දියතලාව ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසලට ඇතුලත්ව පාඨමාලා අංක 8 සාර්ථකව හදාරා 2000 වසරේදී සැගවුණු වෙඩික්කරුවෙකු හැටියට රාජකාරියට එක්වුනේය. "නිරෝ" වූ කෙටි සංඥා නාමයෙන් එතැන් පටන් හැදින්වූ රංජිත් තම වෘත්තියට අදාල විශේෂ බලකායේ ට්‍රැෆලින්, ප්‍රගුණ වෙඩික්කරු උපදේශක, මූලික පැරශුට්, ඒකක වෙඩික්කරුවන් පුහුණු කරවිමේ පාඨමාලාව සහ මුලික පිස්තෝල පාඨමාලාවද වරින් වර සාරථකව හදාරා නිම කලේය.
     ප්‍රියංගනීට දිනුපමා රසාංගි දුව ලැබුනේ මේ අවධියෙය. "පවුලේ තුන්වනි දුව වාසනාවන්තලු " මහවනයේ කොටියන් ඉලක්ක ලෙස හබා යමින් යුධබිම රාජකාරී කල රංජිත් නිවාඩුවක් ලද නිමේශයෙන් ගෙදර පැමිණ තම දියනියගේ රෝස අතපය අතගාමින් බිරිද හා කීවේය. ඔහු ප්‍රියංගනී සමග සිගිති දියනියගේ අනාගතය ගැන බොහෝ දේ කතා කලේය.
   වසරින් වසර ගෙවී ගියේය. පලමුවැනි දෙවනි තුන්වැනි යුද්ධ කල් මැරෙමින් සිව්වන ඊලාම් යුද්ධයද ඇරඹුනේය. මේවන විය දියතලාව ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසලට යටත්ව සටන් බිමේ ක්‍රියාන්විත ප්‍රදේශයන්හි රාජකාරී කල රංජිත් මඩු, මන්නාරම, පරන්තන්, පූනරීන්, කිලිනොච්චිය, අලිමංකඩ, මුලතිව් සහ පුදුකුඩියිරිප්පු ක්‍රියාන්විතයන් සදහා උපරිම සේවාවක් ලැබුනේය.
     සැගවුණු වෙඩික්කරැවෙකු වී වසර 9 අත්දැකීම් සමග යුධ හමුදාවේ 18 වසරක අත්දැකීම ඇති රංජිත් කාර්යශූර දක්ෂ සෙබලෙකුව සිටියේය. අතලොස්සක් වූ සැගවුනු වෙඩික්කරැවන් අතරින් රංජිත්ද ඉදිරියෙන්ම සිටි අයෙකු විය. සැගවුනු වෙඩික්කරැවෙකුගේ වගකීම දුර සිට ඉලක්කය ලබා ගන්නා සේම එය හැම රාජකාරියකදීම මැනවින් කරන්නට ඔහු දක්ෂ වුනේය.
     වරෙක පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ රාජකාරි කරමින් සිටි රංජිත් ගසක් මත සිට අවට ප්‍රදේශ නිරීක්ෂණය කිරිමේදී හොද ඉලක්කයක් දුටුවේය. ඒ බැකෝ යන්ත්‍ර දෙකක් මගින් පස් බැම්මක් ඉදිකරමින් සිටි කොටිත්‍රස්ථවාදීන්ය ඔහු එම අවස්ථාවේ කාලතුවක්කු ආධාරද ඇතිව බැකෝ යන්ත්‍ර දෙකත් ඒවා මෙහෙය වු කොටින්ද මුලුමනින්ම විනාශ කර දමන්නට සමත් වූවේය. පසුගිය මාර්තු මාසයේ (2009) රංජිත් යුධ බිමේදී අනතුරකට මුහුණ පෑවේය. ඒ කොටි මෝටාර් ප්‍රහාරයකට ලක්වීමෙන් සටන් බිමේදීය. රෝහලේ ප්‍රතිකාර ලැබූ රංජිත් සිංහල අලුත් අවුරැදු දා ගෙදර ආවේය. අවුරැදු කුමාරයා ගෙදරට ආ බවක් ප්‍රියංගනීට හා දරැවන්ට දැනුනාද රංජිත් කීවේ වෙනත් කථාවකි.
     "මම මේ වෙලාවෙ ඉන්න ඕනි එහේ වෙපන් එක අල්ලලා වැඩ කරන්න බැරි නිසයි නිවාඩු ගත්තේ." රෝහලේ ප්‍රතිකාර ලබා සිටියද ශරීර සෞඛ්‍යෙයෙන් සම්පූර්ණ සුවයක් ඔහු ඒ වන විටත් ලබා තිබුනේ නැත.
"රංජිත් දියතලාවෙ එන්න ඔය විදියට ගිහින් එහෙ රාජකාරි කරන්න අමාරැයිනේ ?"
     රංජිත්ගෙ ඒ වන විටත් තත්වය දැන සිටි ඔහුගේ සේනා විධායක කර්නල් වනසිංහ මහතා ඔහු දියතලාවට කැදවීය.
    "බෑ සර්.... අපේ කාර්යභාරය වැඩියි. මේ යන්නේ අන්තිම සටනනේ මේකෙ නිමාවක් දැකලා කොඩිය දානකොට මම එහෙ ඉන්න  ඕනි සර්."
      ඔහු ඒ ඉල්ලීම පසෙක තැබුවේය. ඒ අවුරැදු නිවාඩුව අවසන්ව යලි වන්නියට යන්නට සිතාගෙනයි. "දැන් අපේ කෙල්ල ලොකුයි. අවුරැදු 9 ක් කියන්නේ ලොකු ගෑනියෙක් වෙන්න ළගයි" අයියලා දෙන්නා සමගින් මිදුලේ සෙල්ලම් කරන දිනුපමා දෙස බලා රංජිත් බිරිද සමග කීවේය. ඔහු ඒ අවස්ථවේ දුවගේ අනාගතය සේම දරැවන්ගේ අධ්‍යාපනය ගැනද බොහෝ දේවල් ඈ සමග කථා කලේය. "දරැවන්ට හොදට උගන්වන්න මොන රස්සාව කරන්ත් අපි ඒ අයට හොදට උගන්වලා තියෙන්න ඕනිනේ...."
    මහ මෙරක් උසට දරැවන් ළග තිබූ බලාපොරොත්තු දෙදනා එක්වී කථා කිරීමෙන් හිතට සතුටක් දැනුනේය. රංජිත්ගේ නිවාඩුව අවසන්වුනේ අප්‍රේල් 21 (2009) දාය. රංජිත් සිතා සිටියා සේම වන්නියට යන්නට සූදානම් වුනේය. හැමදාමත් නිවාඩු අවසන්ව නිවසින් පිටත්වන රංජිත්ගේ දෙපතුල් අතගා දෙවියන් බුදුන්ගේ ආරක්ෂාව ඉල්ලන ප්‍රියංගනීට එදා ඒ පුරැද්ද අමතක වුනේය. ඒ රංජිත් එළියට බසින මොහොතෙදීම ඇය කුමක් හෝ වැඩක සිටීම නිසාය.
     රංජිත් නිවසින් ගිය දිනයේ ප්‍රියංගනිය උණ ගැනී අසනීප වූවාය. "ඔයා මට වැන්දෙ නෑනේ ඒකයි අසනීප වුනේ....." පසුදා කථාකල රංජිත් ඇයට විහිලු කලේය. "එහෙම කියන්න එපා මට දුකයි, එක දවසනෙ අමතක වුනේ...." ප්‍රියංගනී අසනීපෙන් වුවත් ඔහු සමග සතුටින් කතා කලේය. යුධ බිමේ රාජකාරිය කොතරම් භාරදූර වුවද දින දෙකකට වරක් නැත්නම් සතියකට වරක් ඔහු ගෙදරට කථා කලේය. අප්‍රේල් 27 (2009) පෙ.ව 11.30 පමණ ඔහු බිරිදට කථා කලේය. ඒ වන විටත් ඔහු සිටියේ පුදුමාතලන් ප්‍රදේශයේය. "නාන්න එපා උණ වැඩි වෙයි." ඒ වන විටත් අසනීපෙන් සිටි බිරිදට ඔහු කීවේය. "මම පරිස්සම් වෙන්නම ඔයා ඊට වඩා පරිස්සම් වන්න." හැමදාමත් වගේ ප්‍රියංගනී කීවේ ඒ වචන ටික කීවේ ඒ වන විට යුධ බිමේ තත්වය ගැනද රංජිත්ගෙ රාජකාරිය ගැනද නිසි අවබෝධයකින් සිටි නිසාය.
     "ඔයා බය වෙන්න එපා ළමයෝ....." රංජිත් හැමදාම කියන්නේ එයයි. සැමවිටම අනතුර පෙනෙන මානයේ සිටියද ඔහුට ඒ ගැන විස්වාසයක් තිබින. ඒ නිසාම ඇය ඔහු ඉන්නේ කොහේදැයි කියා ඇසුවාය. "මුහුද අයිනේ ඉන්නේ...... මේ හරියට සිග්නල් නෑ සමහරවිට කෝල් එක කට් වෙයි." රංජිත් කීවා සේම සුලු වේලාවකින් ඇමතුම විසන්දි වී ගියේය.
     මේ දිනවල රංජිත් සිටියේ පුදුමාතලන් ප්‍රදේශයේ පස් බැම්ම මුදාගත් පසු ප්‍රාණ ඇපකරැවන් නිදහස ලබා පැමිණෙන ද්‍රවිඩ ජනතාවට මුවාවී පැමිණෙන කොටි ත්‍රස්ථවාදීන් ඉලක්ක කරමිනි. පළමුවනි පස් බැම්ම අත්පත් කරගත් වීරෝධාර හමුදාවෝ අනතුරැව අත්පත් කරගත් දෙවන පස් බැම්ම ළග සිටි කෝප්‍රල් රංජිත් කොටි ඉලක්කයක් ගන්නට සූදානම්ව සිටියේය. මෙම අප්‍රේල් 28 (2009) උදැසනයි. මිනිසුන් අතරේ එවන් ඉලක්කයක් ගැනීම පහසු නොවන කටයුත්තක් වුවද රංජිත් එයට දක්ෂය. ඔහු කොටි ත්‍රස්ථවාදීයෙකුට ඉලක්කයක් ගන්නට හදද්දී ඔහු කිසි කලෙක නොසිතූ දෙයක් තත්පරයෙන් සිදුවිය. ඒ හිතන්නටත් නොහැකි මොහොතක කොටි සැගවනු වෙඩික්කරැවෙකු රංජිත් ඉලක්ක කර ගත්තේය.
     යුධ බිමට යුද්ධයට කිසි විටෙකත් කිසි විටෙකත් බිය නොවී දූ දරැවන්ට හෙට දවසේ නිවහල් දේශයක් තනන්නට දියතලාව ප්‍රගුණ හා සැගවුණු වෙඩික්කරැ පුහුණු පාසලට යටත්ව සටන් බිමට වැද කොටින්ට තර්ජනයක් වෙමින් යුධ බිමේ දස්කම් පෑ නීරෝ හෙවත් කෝප්‍රල් රංජිත් ප්‍රේමසිරි 2009 අප්‍රේල් 29 උදැසන ජීවිතයේ 41 වන වියේදී රට වෙනුවෙන් දිවි පිදුවේය.
     "එයා හැම වෙලාවෙම කියපු දෙයක් තමයි අපි මැරිලා හරි කමක් නෑ....... දරැවන්ට රටක් ඉතුරැ කරන්න ඕනි" කියන එක රංජිත්ගේ බිරිද ඔහුගේ වියෝව දරාගත නොහැකිව කීවාය. "රංජිත් පුතා අද මට නෑ..... මගේ පුතා ජීවිතේ පූජා කලේ මේ රටේම ඉන්න මිනිසුන් වෙනුවෙන්." රංජිත්ගෙ මව වූ ඇන්ගස් රීටාද වචන වලට පෙරලුවාය. විරැවෙකු වී රට වෙනුවෙන් මිය ගිය සිය පියානන් දෙස රෂ්මික, ධනුෂ්ක, අනුපමා දූ දරැවන් බලා සිටියේද කම්පිතවය.
      කෝප්‍රල් රංජිත් ප්‍රේමසිරි මිය යන විට රණබිමේ දැක්වූ වීර ක්‍රියාන්විතයන් වෙනුවෙන් වීර වික්‍රමාන්විත ව්භූෂණ, රණ වික්‍රම, රණශූර පදක්කම්ද හිමි ගැන්විමට නිර්දේශ කර තිබින. එසේම උපන් රටට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සිදුකල මෙහෙවර උදෙසා පූර්ණ භූමි, උතුරැ නැගෙනහිර සංග්‍රාමික, 50 වන නිදහස් සංවත්සරය, 50 වන යුධ හමුදා ස්වර්ණ ජයන්තිය සහ රිවි රැස පදක්කම්ද දේශ පුත්‍ර සම්මානයෙන්ද පිදුම් ලැබුවේය. 
Fireing Range In MSTS  Diyathalawa
Click On this Image for full Size Picture

Lectures hall In MSTS  Diyathalawa
Click On this Image for full Size Picture
50th Independence Anniversary Medel 1998
Click On this Image for full Size Picture

Purna Bhumi Padakkama
Click On this Image for full Size Picture

Rana Sura Padakkama
Click On this Image for full Size Picture

Rana Wickrama Padakkama
Click On this Image for full Size Picture

Parama Weera Vibhushanaya
Click On this Image for full Size Picture

Riviresa Campaign Medel
Click On this Image for full Size Picture

Weera Wickrama Vibhushanaya
Click On this Image for full Size Picture

North & East Operation Medel
Click On this Image for full Size Picture

Sri Lanka Army 50th Anniversary Medel
Click On this Image for full Size Picture

No comments:

Post a Comment