Tuesday, January 14, 2014

Duruthu Pohoya - දුරුතු පොහොය

Click this Image For Full Size Picture



දුරුතු පොහොයේ වැදගත්කම.

* බුදුරජානන් වහන්සේ ප්‍රථම ම වතාවට ශ්‍රී ලංකාවට (මහියංගනයට) වැඩම කිරීම,
* සුමන සමන් දෙවියන්ට කේෂධාතු පිළිගැන්වීම
* නාග සහ යක්ෂ ගෝත්‍රිකය්ගේ ආරවුල සමතයකය පත්කර යක්ෂයින් ගිරි දිවයිනට පලවා හැරීම.
* තුන්බෑ ජටලියන් ප්‍රධාන දහසක් ජටලියන්ට අනන්ත ලක්ඛන සූත්‍රෙයන් දහම් දෙසා සියළුම ශ්‍රාවකයින් බුද්ධ ශ්‍රාවකයින් බවට පත් කරවීම.
*බිම්බිසාර රජතුමාගේ ආරාධනය පරිදි උරුවෙල් දනව්වේ සිට දහසක් ජටිල රහතන් වහන්සේ සමග රජගහ නුවරට වැඩම කරවීම දුරුතු පොහෙය දිනයේදී සිදුවිය.
* බිම්බිසාර රජතුමා තුල ඇතිවූ සැකය දුරුකිරීම පිණිස උරුවෙල් කස්සප මහ රහතන් වහන්සේ පෙළහැරක් පෑම, සියළු පිරිස ශ්‍රාවකයින් බවට අගවා රජතුමා සැකය දුරුකරගෙන පසුව බුදුරජානන් වහන්සේ රජතුමා ප්‍රමුඛ පිරිසට ධර්ම දේශනා කල අතර දොලොස් නනූනයන් සමග පිරිස තිසරණයෙහි පිහිටා බුදු දහම පිළිගැනීම දුරුතු මාසයේදී සිදුවිය.
* ආරාම පිළිගැනීම සුදුසු යැයි බුදුරදුන් භික්ෂුන් අමතා නියම කලේද දුරුතු මාසයේදීය.
* බිම්බිසාර රජුගේ ඥාති පෙරේතයින්ට පින් අනුමෝදන් කිරීම සදහා තිරෝකුඩ්ඩ සූත්‍රය වදාලේද දුරුතු මාසයේදීය.
* සිරිසගබෝ කුමරුන්ගේ මාමණ්ඩිය වූ නන්ද හාමුදුරුවන් කුමරුට අවවාද දී රාජ්‍යයට සුදුස්සෙකු කරන ලද්දේද මෙම දුරුතු මාසයේදීය. එය සිදු කරන ලද්දේ මහියංගන චෛත්‍යය අසල පිහිටි සිරිමා බෝතුර යටදී බව සදහන් වේ.


No comments:

Post a Comment