Wednesday, June 11, 2014

Poson Poya Day - පොසොන් පොහොය දිනය

Click This Image For Full Size Picture

පොසොන් පොහොය දිනයේ වැදගත්කම

අනුබුදු මිහිදු හිමියන් ශ්‍රී ලංකා දීපයට වැඩම කළේ පොසොන් මස පුර පසලොස්වක පොහොය දිනයකදීය. මෙදින මුව දඩයමෙහි යෙදී සිටි දේවිනම් පියතිස්ස මහ රජතුමා තිසරණ පංච ශිලයෙහි පිහිටුවා රජු ඇතුළු පිරිසට චුල්ල හත්ථි පදෝපම සුත්‍රය දේශනා කලේය. බුදුන් වහන්සේ සම්‍යක් සමබුද්ධ භාවයත්,ධර්මයෙහි සත්‍ය භාවයත්,සංඝයා සතු අප්‍රමාණ ගුණ මහිමයත්, ත්‍රිවිධ රත්නයේ ශ්‍රේෂ්ඨත්වයත් එම දේශනයෙන් මිහිදු හිමියන් පෙන්වා දුන්හ. ඊට පසුව උන් වහන්සේ පැමිණ සිටි දේවතා සමූහයාට සමිචිත්ත පරියාය සුත්‍රය දේශනා කළහ. පසු දින අනුරපුරයට වැඩම කළ මිහිදු හිමියන් රජ ගෙදර විශේෂ මණ්ඩපයක සිට බිසෝවරුන් ඇතුළු 500 ක් කාන්තාවන් පිරිසකට විමානවත්ථු, සච්ච සංයුක්ත යන ධර්ම දේශනා කළහ. අවසන අනුලා දේවිය ඇතුළු 500 ක් කාන්තාවෝ සෝවාන් වී අනාගාමී විය. දෙවන දිනයෙහි රජුගේ මගුල් ඇත් හලේදී රට වැසියා වෙනුවෙන් දේව දූත සුත්‍රය දේශනා කළහ. අවසානයේ දහසක් දෙනා සෝවාන් ඵලයෙහි පිහිටියහ. ඉන් පසු රාජ උයනේදී බාල පණ්ඩිත සූත්‍රය දේශනා කිරීමෙන් පසුව දහසක් ස්ත්‍රී පිරිසක් සෝවාන් වූහ. මාර්ගඵල අවබෝධ ලැබූ පිරිස මේවන විට 2500 ක් පමණ විය. තුන්වන දින මාලිගාවේදීම දන් වළදා නන්දන වනයෙහි වැඩ සිට ආසීවසෝපම සූත්‍රයද,  හතරවන දිනයෙහි අනමතග්ගිය සංයුක්තිය දේශනා කළ අතර දහසක් දෙනා ධර්ම අවබෝධය ලැබීය. පස්වන දින ධම්ම චක්ක පවත්තන සුත්‍රය දේශනා කළේය. දින හතක් තුලදී 8500 ක් දෙනා මාර්ග ඵල අවබෝධය ලැබීය. මිහිදු හිමියන්ගේ ලංකා නිසා අනුරාධපුර මහා විහාරය ඇතිවිය. මිහිදු හිමියන් වැඩ වීසූ එම උයන ජෝතිය උයන නම් විය.

මෙවන් කරුණු නිසා ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාව පොසොන් පොහොය දිනය උතුම් දිනයක් ලෙස සලකා උත්සව පවත්වති.

No comments:

Post a Comment