Showing posts with label Peoples. Show all posts
Showing posts with label Peoples. Show all posts

Saturday, April 11, 2015

Air Women Recruis Map reading Class @ Diyathalwa Railway Station

This Photo was taken on August 19, 2014 in Diyathalawa, Uva, Sri Lanka
Using NIKON D90 Camera
Click On This Image For Full Size Picture

Friday, December 26, 2014

Air Force Band Preform There Ability

This Photo was taken on December 19, 2014 in Puvarasakulam, Vanni, Nothern, Sri Lanka Using NIKON D7000 Camera
Click On This Image For Full Size Picture

Sunday, May 4, 2014

Dansel Season..... දන්සැල් කාලේ.....

This Photo was taken on June 13, 2013 in Diyathalawa, Uva, Sri Lanka.Using SONY DSC-W320 CameraClick On this Image for full Size Picture.

Sunday, December 15, 2013

A Nun - මෙහෙණින් වහන්සේ නමක්

This Photo was taken on March 18, 2011 in Anuradhapura, North Central, Sri Lanka.
Using Sony DSC - W130 Camera
Click On this Image for full Size Picture.

Saturday, December 7, 2013

Children, Lives Near Dambethenna Estste.

This Photo was taken on July 24, 2013 in Dambethanna, Uva, Sri Lanka.
Using Panasonic Lumix DMC-S1 Camera
Click On this Image for full Size Picture.

Friday, September 6, 2013

Elite Sniper In Sri Lanka Army……. "Nero"

Sniper Nero.....
Click On this Image for full Size Picture

Elite Sniper  In Sri Lanka Army……. "Nero"

   CPL Premasiri alias “Nero” the ultimate sniper in Sri Lanka Army. Who was responsible for talking out nearly 400 LTTE cadres including many 3rd level ranks during wanni mission is a warrior of time that we should never forget.
    We have only heard stories or haven’t seen giants, who walked on this land during period of Dutu Gemunu, but today you can see hears and brave enough infiltrate in to enemy territory and take down viral targets.
     CPL Premasiri alias Nero was working for Sri Lanka Army intelligent Force as he was fluent in Tamil to bewitch Tamil civilization in order to take out top tigers.
     This Warrior gave his last breath on April 28th while he was fighting against terror flanks that were hiding among civilians and went back to mother lankam’s womb for were to live forever as an immortal warrior which will remain in our hearts when we commemorate Freedom.
CPL Ranjith Premasiri
Click On this Image for full Size Picture

CPL Ranjith Premasiri
Click On this Image for full Size Picture

කොටින් සිය ගනනක් තනිවම එලොව යවා රට දැය වෙනුවෙන් දිවි පිදූ අසමසම සැගවුණු වෙඩිකකරැ නීරෝ

   කෝප්‍රල් රංජිත් ප්‍රේමසිරි ඉලක්ක රාජකාරී රැසක් අකුරටම ඉටුකල අති දක්ෂ සැඟවුණු වෙඩික්කරුවෙකි. යුධ හමුදාව සතුව සිටි විශිෂ්ට සම්පතක් වූ ඔහුගේ වෙඩි ප්‍රහාරයන් මගින් කොටි ත්‍රස්තවාදීන් 400 පමණ ජිවිත අහිමි කර තිබිණ. ඒ නිසාත් ඔහුගේ ඉලක්කය කිසි කලෙක වැරදුනේ නැත. ඒ තරමටම ඔහු රාජකාරියට කැපවුණේය.
     රට රකින්නට හිත ඇති ආසාව ඒ කාලයේ පටන්ම රංජිත් අම්මා තාත්තා සමඟ කතාකලේය. ඒත් ඊට මහ ලොකු අනුබලයක්වත් හරස් කිරීමක්වත් පියා වූ ජයසූරිය හා මව වූ ඇන්ගස් රීටා ගෙන්ද බලපෑම් කෙරුනේ නැත.
     පල්ලම මඩලානේ උපන් වික්‍රමසිංහ හිටිහාමිලාගේ රංජිත් ප්‍රේමසිරි ඉගෙන ගත්තේ අණමඩුව මඩලාන විද්‍යාලයෙනි ඉගෙනුම අවසන් කල ඔහු රට රකින්නට යන ගමන ගැන හිතයට තබාගෙන ඔහු වෙනත් රැකියාවන් දෙකක් කලේය.
     ඒ රැකියාවන් සිත් නොගත් නිසාත් හමුදාවට එක්වීමේ අරමුණ නිසාත් ඔහු තීරණයක් ගත්තේය. 1991 පෙබරවාරි මස 12 වනිදා ජීවිතයේ 22 වියේදී රංජිත් යුධ හමුදාවේ ස්වෙච්චා බලසේනාවට බැදුනේය. අනතුරුව දියතලාව යුධ හමුදා පුහුණු පාසල වෙතින් මුලික පුහුණුව ලබා ගජබා රෙජිමේන්තුවේ 5 බල ඇණියට අනියුක්ත වුනේය.
     ඔහු කැමති රැකියාව තෝරාගත් රංජිත්ට හිත කැමති ඉරණම්කාරිය ඒවනවිට හමුවී තිබිණ. ඈ පල්ලම කලුකැලේ තරුණියක වූ නිලූකා ප්‍රසංගනීය. ඒ අනුව 94 වර්ශයේදී ඔවුන්ගේ විවාහය සිදුවුනේය.
     රංජිත් ප්‍රේමසිරි රැකියාවට ආදරය කලා සේම බිරිඳ ගැනද ඒ හා සමානව නිරන්තරව සිතුවේය. ඈ කුලුදුල් පුතු ඉපදෙන්නට සිටියදී ඔහුගේ හැම සිතුවිල්ලක්ම වුයේ ඉපදෙන්නට සිටි දරුවාය. මීට වසර 14 කට කලින් රශ්මික පුතු උපන් දිනයේ ලෝකයක් දිනූ රජෙක් තරමටම ඔහු සතුටු වුණේය. අදින් වසර 11 පෙර ධනුෂ්ක පුතු උපන් දිනයේදී ඔහු එලෙසම සතුටු වුනේය.
     "ඔයාට තනියට පුතාලා දෙන්නෙක්ම ඉන්නවා" නිවාඩු ආ විට රංජිත් පුතාලා හුරතල් කරමින් ප්‍රියානිට කීවේය. හමුදා සේවයට බැදුනාට එතනින් තවත් ඉහලට යන්න නිරන්තරව රංජිත් සිතුවේය. "රට වෙනුවෙන් ඉහලම සේවයක් කරන්න පුලුවන් තැනකට මං යන්න ඕනි ප්‍රියංගි" නිවාඩුවට ගෙදර එන රංජිත් බිරිද සමග සිත ඇති දේ බෝහෝවිට කතා කලාය. එවිට ප්‍රියංගනිද ඔහු දිරිමත් කලාය ඒ කොතරම් රටට මෙන්ම රැකියාවටද ආදරය කරන්නේද කියා ඇය දන්නා බැවිනි.
Corporals' Club In MSTS (Marksman Sniper Tranning School) Diyathalawa
     රංජිත්ට වුවමනා වූයේ දක්ෂ සැගවුණු වෙඩික්කරුවෙකු වීමටයි. එවන් තත්වයක් උදාකරගතහොත් රටට වින කරන කුරිරු කොටි ත්‍රස්තවාදීන් බොහෝ පිරිසක් බිම දැමිය හැකි බව ඔහු දැන සිටියේය. මේනිසාම පුහුණුකම් සපුරා සිටි රංජිත් ප්‍රේමසිරි දියතලාව ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසලට ඇතුලත්ව පාඨමාලා අංක 8 සාර්ථකව හදාරා 2000 වසරේදී සැගවුණු වෙඩික්කරුවෙකු හැටියට රාජකාරියට එක්වුනේය. "නිරෝ" වූ කෙටි සංඥා නාමයෙන් එතැන් පටන් හැදින්වූ රංජිත් තම වෘත්තියට අදාල විශේෂ බලකායේ ට්‍රැෆලින්, ප්‍රගුණ වෙඩික්කරු උපදේශක, මූලික පැරශුට්, ඒකක වෙඩික්කරුවන් පුහුණු කරවිමේ පාඨමාලාව සහ මුලික පිස්තෝල පාඨමාලාවද වරින් වර සාරථකව හදාරා නිම කලේය.
     ප්‍රියංගනීට දිනුපමා රසාංගි දුව ලැබුනේ මේ අවධියෙය. "පවුලේ තුන්වනි දුව වාසනාවන්තලු " මහවනයේ කොටියන් ඉලක්ක ලෙස හබා යමින් යුධබිම රාජකාරී කල රංජිත් නිවාඩුවක් ලද නිමේශයෙන් ගෙදර පැමිණ තම දියනියගේ රෝස අතපය අතගාමින් බිරිද හා කීවේය. ඔහු ප්‍රියංගනී සමග සිගිති දියනියගේ අනාගතය ගැන බොහෝ දේ කතා කලේය.
   වසරින් වසර ගෙවී ගියේය. පලමුවැනි දෙවනි තුන්වැනි යුද්ධ කල් මැරෙමින් සිව්වන ඊලාම් යුද්ධයද ඇරඹුනේය. මේවන විය දියතලාව ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසලට යටත්ව සටන් බිමේ ක්‍රියාන්විත ප්‍රදේශයන්හි රාජකාරී කල රංජිත් මඩු, මන්නාරම, පරන්තන්, පූනරීන්, කිලිනොච්චිය, අලිමංකඩ, මුලතිව් සහ පුදුකුඩියිරිප්පු ක්‍රියාන්විතයන් සදහා උපරිම සේවාවක් ලැබුනේය.
     සැගවුණු වෙඩික්කරැවෙකු වී වසර 9 අත්දැකීම් සමග යුධ හමුදාවේ 18 වසරක අත්දැකීම ඇති රංජිත් කාර්යශූර දක්ෂ සෙබලෙකුව සිටියේය. අතලොස්සක් වූ සැගවුනු වෙඩික්කරැවන් අතරින් රංජිත්ද ඉදිරියෙන්ම සිටි අයෙකු විය. සැගවුනු වෙඩික්කරැවෙකුගේ වගකීම දුර සිට ඉලක්කය ලබා ගන්නා සේම එය හැම රාජකාරියකදීම මැනවින් කරන්නට ඔහු දක්ෂ වුනේය.
     වරෙක පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ රාජකාරි කරමින් සිටි රංජිත් ගසක් මත සිට අවට ප්‍රදේශ නිරීක්ෂණය කිරිමේදී හොද ඉලක්කයක් දුටුවේය. ඒ බැකෝ යන්ත්‍ර දෙකක් මගින් පස් බැම්මක් ඉදිකරමින් සිටි කොටිත්‍රස්ථවාදීන්ය ඔහු එම අවස්ථාවේ කාලතුවක්කු ආධාරද ඇතිව බැකෝ යන්ත්‍ර දෙකත් ඒවා මෙහෙය වු කොටින්ද මුලුමනින්ම විනාශ කර දමන්නට සමත් වූවේය. පසුගිය මාර්තු මාසයේ (2009) රංජිත් යුධ බිමේදී අනතුරකට මුහුණ පෑවේය. ඒ කොටි මෝටාර් ප්‍රහාරයකට ලක්වීමෙන් සටන් බිමේදීය. රෝහලේ ප්‍රතිකාර ලැබූ රංජිත් සිංහල අලුත් අවුරැදු දා ගෙදර ආවේය. අවුරැදු කුමාරයා ගෙදරට ආ බවක් ප්‍රියංගනීට හා දරැවන්ට දැනුනාද රංජිත් කීවේ වෙනත් කථාවකි.
     "මම මේ වෙලාවෙ ඉන්න ඕනි එහේ වෙපන් එක අල්ලලා වැඩ කරන්න බැරි නිසයි නිවාඩු ගත්තේ." රෝහලේ ප්‍රතිකාර ලබා සිටියද ශරීර සෞඛ්‍යෙයෙන් සම්පූර්ණ සුවයක් ඔහු ඒ වන විටත් ලබා තිබුනේ නැත.
"රංජිත් දියතලාවෙ එන්න ඔය විදියට ගිහින් එහෙ රාජකාරි කරන්න අමාරැයිනේ ?"
     රංජිත්ගෙ ඒ වන විටත් තත්වය දැන සිටි ඔහුගේ සේනා විධායක කර්නල් වනසිංහ මහතා ඔහු දියතලාවට කැදවීය.
    "බෑ සර්.... අපේ කාර්යභාරය වැඩියි. මේ යන්නේ අන්තිම සටනනේ මේකෙ නිමාවක් දැකලා කොඩිය දානකොට මම එහෙ ඉන්න  ඕනි සර්."
      ඔහු ඒ ඉල්ලීම පසෙක තැබුවේය. ඒ අවුරැදු නිවාඩුව අවසන්ව යලි වන්නියට යන්නට සිතාගෙනයි. "දැන් අපේ කෙල්ල ලොකුයි. අවුරැදු 9 ක් කියන්නේ ලොකු ගෑනියෙක් වෙන්න ළගයි" අයියලා දෙන්නා සමගින් මිදුලේ සෙල්ලම් කරන දිනුපමා දෙස බලා රංජිත් බිරිද සමග කීවේය. ඔහු ඒ අවස්ථවේ දුවගේ අනාගතය සේම දරැවන්ගේ අධ්‍යාපනය ගැනද බොහෝ දේවල් ඈ සමග කථා කලේය. "දරැවන්ට හොදට උගන්වන්න මොන රස්සාව කරන්ත් අපි ඒ අයට හොදට උගන්වලා තියෙන්න ඕනිනේ...."
    මහ මෙරක් උසට දරැවන් ළග තිබූ බලාපොරොත්තු දෙදනා එක්වී කථා කිරීමෙන් හිතට සතුටක් දැනුනේය. රංජිත්ගේ නිවාඩුව අවසන්වුනේ අප්‍රේල් 21 (2009) දාය. රංජිත් සිතා සිටියා සේම වන්නියට යන්නට සූදානම් වුනේය. හැමදාමත් නිවාඩු අවසන්ව නිවසින් පිටත්වන රංජිත්ගේ දෙපතුල් අතගා දෙවියන් බුදුන්ගේ ආරක්ෂාව ඉල්ලන ප්‍රියංගනීට එදා ඒ පුරැද්ද අමතක වුනේය. ඒ රංජිත් එළියට බසින මොහොතෙදීම ඇය කුමක් හෝ වැඩක සිටීම නිසාය.
     රංජිත් නිවසින් ගිය දිනයේ ප්‍රියංගනිය උණ ගැනී අසනීප වූවාය. "ඔයා මට වැන්දෙ නෑනේ ඒකයි අසනීප වුනේ....." පසුදා කථාකල රංජිත් ඇයට විහිලු කලේය. "එහෙම කියන්න එපා මට දුකයි, එක දවසනෙ අමතක වුනේ...." ප්‍රියංගනී අසනීපෙන් වුවත් ඔහු සමග සතුටින් කතා කලේය. යුධ බිමේ රාජකාරිය කොතරම් භාරදූර වුවද දින දෙකකට වරක් නැත්නම් සතියකට වරක් ඔහු ගෙදරට කථා කලේය. අප්‍රේල් 27 (2009) පෙ.ව 11.30 පමණ ඔහු බිරිදට කථා කලේය. ඒ වන විටත් ඔහු සිටියේ පුදුමාතලන් ප්‍රදේශයේය. "නාන්න එපා උණ වැඩි වෙයි." ඒ වන විටත් අසනීපෙන් සිටි බිරිදට ඔහු කීවේය. "මම පරිස්සම් වෙන්නම ඔයා ඊට වඩා පරිස්සම් වන්න." හැමදාමත් වගේ ප්‍රියංගනී කීවේ ඒ වචන ටික කීවේ ඒ වන විට යුධ බිමේ තත්වය ගැනද රංජිත්ගෙ රාජකාරිය ගැනද නිසි අවබෝධයකින් සිටි නිසාය.
     "ඔයා බය වෙන්න එපා ළමයෝ....." රංජිත් හැමදාම කියන්නේ එයයි. සැමවිටම අනතුර පෙනෙන මානයේ සිටියද ඔහුට ඒ ගැන විස්වාසයක් තිබින. ඒ නිසාම ඇය ඔහු ඉන්නේ කොහේදැයි කියා ඇසුවාය. "මුහුද අයිනේ ඉන්නේ...... මේ හරියට සිග්නල් නෑ සමහරවිට කෝල් එක කට් වෙයි." රංජිත් කීවා සේම සුලු වේලාවකින් ඇමතුම විසන්දි වී ගියේය.
     මේ දිනවල රංජිත් සිටියේ පුදුමාතලන් ප්‍රදේශයේ පස් බැම්ම මුදාගත් පසු ප්‍රාණ ඇපකරැවන් නිදහස ලබා පැමිණෙන ද්‍රවිඩ ජනතාවට මුවාවී පැමිණෙන කොටි ත්‍රස්ථවාදීන් ඉලක්ක කරමිනි. පළමුවනි පස් බැම්ම අත්පත් කරගත් වීරෝධාර හමුදාවෝ අනතුරැව අත්පත් කරගත් දෙවන පස් බැම්ම ළග සිටි කෝප්‍රල් රංජිත් කොටි ඉලක්කයක් ගන්නට සූදානම්ව සිටියේය. මෙම අප්‍රේල් 28 (2009) උදැසනයි. මිනිසුන් අතරේ එවන් ඉලක්කයක් ගැනීම පහසු නොවන කටයුත්තක් වුවද රංජිත් එයට දක්ෂය. ඔහු කොටි ත්‍රස්ථවාදීයෙකුට ඉලක්කයක් ගන්නට හදද්දී ඔහු කිසි කලෙක නොසිතූ දෙයක් තත්පරයෙන් සිදුවිය. ඒ හිතන්නටත් නොහැකි මොහොතක කොටි සැගවනු වෙඩික්කරැවෙකු රංජිත් ඉලක්ක කර ගත්තේය.
     යුධ බිමට යුද්ධයට කිසි විටෙකත් කිසි විටෙකත් බිය නොවී දූ දරැවන්ට හෙට දවසේ නිවහල් දේශයක් තනන්නට දියතලාව ප්‍රගුණ හා සැගවුණු වෙඩික්කරැ පුහුණු පාසලට යටත්ව සටන් බිමට වැද කොටින්ට තර්ජනයක් වෙමින් යුධ බිමේ දස්කම් පෑ නීරෝ හෙවත් කෝප්‍රල් රංජිත් ප්‍රේමසිරි 2009 අප්‍රේල් 29 උදැසන ජීවිතයේ 41 වන වියේදී රට වෙනුවෙන් දිවි පිදුවේය.
     "එයා හැම වෙලාවෙම කියපු දෙයක් තමයි අපි මැරිලා හරි කමක් නෑ....... දරැවන්ට රටක් ඉතුරැ කරන්න ඕනි" කියන එක රංජිත්ගේ බිරිද ඔහුගේ වියෝව දරාගත නොහැකිව කීවාය. "රංජිත් පුතා අද මට නෑ..... මගේ පුතා ජීවිතේ පූජා කලේ මේ රටේම ඉන්න මිනිසුන් වෙනුවෙන්." රංජිත්ගෙ මව වූ ඇන්ගස් රීටාද වචන වලට පෙරලුවාය. විරැවෙකු වී රට වෙනුවෙන් මිය ගිය සිය පියානන් දෙස රෂ්මික, ධනුෂ්ක, අනුපමා දූ දරැවන් බලා සිටියේද කම්පිතවය.
      කෝප්‍රල් රංජිත් ප්‍රේමසිරි මිය යන විට රණබිමේ දැක්වූ වීර ක්‍රියාන්විතයන් වෙනුවෙන් වීර වික්‍රමාන්විත ව්භූෂණ, රණ වික්‍රම, රණශූර පදක්කම්ද හිමි ගැන්විමට නිර්දේශ කර තිබින. එසේම උපන් රටට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සිදුකල මෙහෙවර උදෙසා පූර්ණ භූමි, උතුරැ නැගෙනහිර සංග්‍රාමික, 50 වන නිදහස් සංවත්සරය, 50 වන යුධ හමුදා ස්වර්ණ ජයන්තිය සහ රිවි රැස පදක්කම්ද දේශ පුත්‍ර සම්මානයෙන්ද පිදුම් ලැබුවේය. 
Fireing Range In MSTS  Diyathalawa
Click On this Image for full Size Picture

Lectures hall In MSTS  Diyathalawa
Click On this Image for full Size Picture
50th Independence Anniversary Medel 1998
Click On this Image for full Size Picture

Purna Bhumi Padakkama
Click On this Image for full Size Picture

Rana Sura Padakkama
Click On this Image for full Size Picture

Rana Wickrama Padakkama
Click On this Image for full Size Picture

Parama Weera Vibhushanaya
Click On this Image for full Size Picture

Riviresa Campaign Medel
Click On this Image for full Size Picture

Weera Wickrama Vibhushanaya
Click On this Image for full Size Picture

North & East Operation Medel
Click On this Image for full Size Picture

Sri Lanka Army 50th Anniversary Medel
Click On this Image for full Size Picture

Monday, September 2, 2013

CPL Gamani Kularathne PWV (S/34553)


Click  On This Image For Full Size Picture.

Gamani Kularathne PWV (S/34553)

    Gamini Kularatne was the second son of a family of four brothers and a sister. He obtained his primary education at Ranasinghe Premadasa Madhya Maha Vidyalaya at Hasalaka (farming hamlet in the salubrious Kandy District of Sri Lanka). He was a survivor of the Aranthalawa Massacre on 2 June 1987 as Mahiyangane Dhammajothi Thero. After seeing the brutality of the Tiger terrorist massacre he pleaded with the chief Thero and left robes to join the Sri Lanka Army on 27 August 1987 with the blessings of his father S.G Babanis and mother S.G Juliet.
On the night of 10 July 1991 over 5000 LTTE cadres surrounded the 600 strong army garrison located at Elephant Pass,Pass was known as the gateway to the northern Jaffna Peninsula. Enlisted to the Sri Lankan Army Sinha Regiment Sixth Battalion as a Rifleman, Lance Corporal Gamini Kularatne (S/34553), along with the rest of his regiment, was tasked with watching for possible LTTE infiltrators.

    As dusk fell the LTTE cadres launched several human wave attacks. Flanked by hundreds of their armed cadres, they surrounded the Army's fortifications. But the sight of a hitherto unknown armored bulldozer looking like a huge tank sent shock waves among soldiers at all sentry points as the huge bulldozer tank was a mystery to all on guard.

    Equipped with a machine gun atop it and containing a haul of arms and ammunitions inside it rumbled towards the southern entrance of the camp and Lance Corporal Kularatne in his pensive mood thought this new rolling weapon would definitely be able to swarm the garrison within seconds taking a heavy toll of his fellowmen. Above all the fall of Elephant Pass to the enemy would be catastrophic and counterproductive at national level, and there was hardly any time to waste, Kularatne pondered.

    Although the LTTE began pounding the Army camp with heavy mortars and weapons to the cries of injured and dying soldiers amidst deafening explosions, all eyes were still centered on the enemy's approaching mysterious bulldozer laden with sophisticated weapons.

   Suddenly Lance Corporal Kularatne, holding two grenades in his hands, dashed out towards the oncoming bulldozer tank, clambered up the tank's ladder and tossed the two grenades inside it, disregarding the numerous injuries he himself had suffered by then from the bullets of LTTE. Within seconds, fiery bursts of fire accompanied by a series of explosions occurred. Lance Corporal Gamini Kularatne was flung to the ground lay motionless.

   Thus the siege of Elephant Pass Army Camp was broken and one of the most ferocious battles in Sri Lanka's modern history ended. The camp was finally saved from the LTTE.

    Lance Corporal Kularatne's supreme sacrifice, dedicated for the sake of Sri Lanka's territorial integrity and sovereignty was well received with admiration and honor by all segments of masses across the island.

In recognition of his act of gallantry Lance Corporal Gamini Kularatne was promoted to the rank of Corporal posthumously and honored with the award of "Parama Weera Vibhushanaya" on 10 October 1991, the highest gallantry award in Sri Lanka for the first time in the history of Sri Lanka Army.

   Later he came to be known as the Hasalaka Weeraya (Hasalaka Hero) Corporal Gamini Kularatne's valiant action marks a milestone in the annals of military gallantry. No doubt, the nation salutes this valiant soldier as long as they could breathe. He also leaves an indelible memory of patriotism and valor not only in the minds of his own countrymen but also among millions of Sri Lankans whose today is sacrificed for the sake of tomorrow's betterment.

   He was the first recipient of the Parama Weera Vibhushanaya, the highest award for gallantry awarded by the Sri Lanka Army.

    Corporal Gamini Kularatne's valiant action marks a milestone in the annals of military gallantry. No doubt, the nation salutes this valiant soldier as long as they could breathe. He also leaves an indelible memory of patriotism and valor not only in the minds of his own countrymen but also among millions of Sri Lankans whose today is sacrificed for the sake of tomorrow's betterment.
© www.wikipeadia.com



Gamini Kularathne
Click  On This Image For Full Size Picture.
My Poem
Click  On This Image For Full Size Picture.

හසලක වීරයා නොහොත් ගාමිණී කුලරත්න

    1966 සැප්තැම්බර් 04 දින හසලක ගම්මානයේදී ගොවි පවුලකට දාව කිරිකැටියෙකු උපත ලැබුවේය. මව්පියෝ ඔහුට ගාමිණී කුලරත්න යැයි නම් තැබුවෝය. පවුලේ දෙවැනියා ලෙස මෙලොව එළිය දුටු ඔහුට, කෙතරම් නැති බැරි කම් මධ්‍යයේ වුවද දෙමව්පිය රැකවරණය හොඳින් ලැබුණි. කෙමෙන් කෙමෙන් වසර 15ක කාලයක් ගෙවී ගියේය. මේ වන විට ගාමිණී දැන් කිනිපැලැස්ස කණිටු විදුහලේ අධ්‍යාපනය ලබමින් සිටියේය. ඒ අතරතුරදී ඔහුට ඕනෑම අයෙකුට සිය ජීවිතයේ විශේෂයෙන්ම ලාබාල කාලයේ මුහුණ දිය හැකි දරුණුම සිද්ධියකට මුහුණදීමට සිදුවූවේය. ඒ සිය ආදරණීය පියාගේ අභාවයය. යන්තම් අවුරුදු පහළොවක කොළු ගැටයෙකුවූ ඔහුට මේ සිද්ධිය ඉතා වේදනාකාරී එකක් වන්නට ඇතුවාට සැක නැත. පියා මිය යෑමෙන් පසු, දරුවන් හය දෙනෙකුගෙන් සමන්විත වූ පවුලේ බර කරගැසීමට සිදු වූයේ ඔහුගේ මවටය. ගාමිණීගේ පියාගේ රැකියාව වූයේ ගොවිතැනය. ගොවි තැන හැර වෙනත් රැකියාවක් ඔවුන් දැන සිටියේ නැත. ඒ අනුව දරුවන් හය දෙනෙක් පෝෂණය කිරීමට ගොවිතැනට පිවිසි සිය මවට, තනිවම එම බර දැරීමට ඉඩදී බලා සිටීමට ගාමිණීට හැකියාවක් තිබුනේ නැත‍. සිය මවත් සමග හරි හරියට දුක් මහන්සි වී පවුලේ බර කර ගැසීමට එකල වයස පහළොවක කොළුවෙකු වූ ඔහුද දායකත්වය දුන්නේ එසේය.
    මේ සියල්ල අතරතුර සිය අධ්‍යාපන කටයුතුද මැනවින් කරගෙන ගිය ඔහු උසස් පෙළ සමත්වූවද, ඉන් පසු අධ්‍යාපනය දිගට කරගෙන යෑම පසෙකට තබා සිය මව වූ Y.J.ජුලියට් මාතාවගේ ආශිර්වාදය ඇතිව‍  හමුදාවට බැඳුනේය. ඒ 1986 වසරේදීය. අම්පාර කොත්ඩුවටුවාන හයමස් පුහුණුව ලැබූ ඔහු, 1987 දී හමුදා සේවයට එක් වූවේය. ඉන් පසු කෝප්‍රල් ගාමිණී කුලරත්න (S/34553) අම්පාර, පලාලි හා කන්කසන්තුරේ යන ස්ථානවල සේවය කර අවසාන වශයෙන් පැමිණියේ අලිමංකඩටය. ඒ අවධියේ උතුරේ අලිමංකඩ උද්ගතව තිබූ තත්ත්වය ඉතා භයානක එකක් විය. කොටින් විසින් අලිමංකඩ හැරුණුකොට මුළු උතුරම සිය පාලනය යටතට ගෙන තිබුණි. ඒ නිසා ප්‍රභාකරන්ගේ අදහස වූයේ අලිමංකඩ හමුදා කඳවුරද බිමට සමතලා කොට යාපනයේ දෙමළ ජනයා ගෙන්වා උත්සවයක් පවත්වා ජය පැන් බීමටය. අලිමංකඩ භූමිය ගතහොත් එයට ඇත්තෙන්ම භූමියක් නැත. දෙපසින්ම ඇත්තේ කළපුවය. ඒ මධ්‍යයෙන් කිලෝමීටර එකහමාරක් පමණ දිග සපත්තු පාලමක් පිහිටා තිබුණි. මේ පවසන අවධිය වන විට හමුදාව ස්ථානගතවී සිටි ඉසව්වට කිලෝමීටර කාලක් තරම්වූ ලඟකට කොටි පැමිණ සිටියහ. අලිමංකඩ හැරුණුවිට ඒ වන විට සමස්ථ උතුරුකරයම පැවතියේ කොටින්ගේ යටතේය. ඒ හේතුවෙන් උතුරේ පිහිටා තිබූ එකම කඳවුර වූ අලිමංකඩ හමුදා කඳවුර වනසා දමා එය යටත් කරගැනීම ප්‍රභාකරන්ගේ අවශ්‍යයතාවය වූයේය. මන්ද යත් එසේ නොමැතිව මුළු උතුරුකරයම තමන්ගේ යටතේ යැයි ලෝකයට කීමට ඔහුට හැකියාවක් නොමැති බැවිනි.


Sinha Regiment Flag
Click  On This Image For Full Size Picture.


     මේ තත්ත්වය යටතේ කඳවුර ගොඩබිමෙන් මෙන්ම මුහුදෙන්ද කොටින් විසින් වට කොට තිබිණි. මේ නිසා හමුදාවට අවශ්‍ය කරන සැපයුම් කිරීම අඛණ්ඩව සිදුවූයේ ගුවනින්ය. (මොහොතකට සිතා බලන්න. හතර අතින්ම කොටුවූ කුඩා ප්‍රදේශයක කොයි මොහොතේ තමා සෙයා මරණය ඒදැයි බලා සිටිමින් මේ සෙබළුන් සිටි තත්ත්වය.) මේ අයුරින් මුළු කඳවුරම කොටුවී පැවතුනු නිසාය සැපයුම් කිරීම ගුවනින් සිදුවූයේ. කඳවුරේ සෙබළු හා සුළු සේවකයන් සියල්ලන්ම ගත් විට නවසීයකට ආසන්න පිරිසක් වූහ. මේ සියල්ලන්ගේම ජීවිත පැවතුනේ අවදානමේය. මන්ද යත් ගුවනින් පවා සැපයුම් කිරීමට නොහැකි වනසේ කොටි විසින් ගුවන් හමුදා යානාවලට එල්ල කළ ෆයිව් සීරෝ ප්‍රහාර නිසාය. මෙම තත්ත්වය යටතේ සියල්ලන්ගේ දිවි පැවතුනේ මරණයේ අත ලඟය. හතරවටින්ම කොටුවී සිටි සෙබළුන්ට සිදුවූයේ ගොඩනැගිලි තුළට වී සිටීමටය. මන්ද යත් යම් හෙයකින් සෙබලෙක් එළියට බැස්සේද ඔහු කොටි බන්කරවල සිටින ඉලක්ක වෙඩික්කරුවන්ගේ පහසු ඉලක්ක බවට පත්වී මැරී වැටෙන හෙයිනි
මේ නිසා රාත්‍රී කාලයේදී හමුදාව විසින් ක්ෂණික පහරදීම් සහ සතුරන් සොයාගොස් පහරදීම් අරඹා තිබිණ. මේ වන විට කොටින්ගෙන් සැලකිය යුතු ප්‍රහාරයක් එල්ලවූයේ නැත. මේ නිහඬතාවය නිසාම කඳවුරේ සිටි හමුදා සෙබළු තව තවත් සැලකිලිමත් වූහ. මේ අතරතුර කොටින් සිටි මුලතිව් කැලය තුලින් විශාල ශබ්දයක් නොකඩවා ඇසින. මේ කුමන ශබ්දයක්දැයි එකවර තේරුම් ගැනීමට අපහාසු වූවද පසුව ඒ බර වාහනයක ශබ්දයක් බව හඳුනා ගැනින. කොටි ප්‍රහාරයක අවධානමක් ඇති බවට හමුදාව වෙත අනතුරු හැඟවීමට බුද්ධි අංශ පියවරගෙන තිබුනේද මේ කාලයේදීමය. ඒ අනතුරුදායක තත්ත්වය නිසා කඳවුර ශක්තිමත් කිරීමටත් තවත් භට පිරිස් ගුවනින් ගොඩබස්වන ලදි. ඒ අනුව කඳවුරේ සිටි සෙබළුන් පිරිස සංඛ්‍යාවෙන් දහස ඉක්මවා ගියේය. අළුතින් භට කණ්ඩායම් බැස්වීමෙන් පසුව හමුදාව කොටින්ගෙන් අපේක්ෂිත ප්‍රහාරය එල්ලවූයේ නැත‍. මේ නිසා නැවතත් සෙබළුන් කැඳවා ගැනීමට කටයුතු කරන ලදී.

      එසේ සෙබළුන් පිරිස පිටව යෑමෙන් පසුව ජූලි මස 10 දින රාත්‍රී හයට පමණ කඳවුරට එපිටින් වූ ඝණ කැලෑව දෙසින් එක් වරම බර වාහනයක් රේස් කරන ශබ්දයක්ද සමගින් කළු දුමක් අහසට නැගුනි. විනාඩි පහක් ගතවීමටත් ප්‍රථමව බුල්ඩෝසරයක් පැමිණ මුලතිව් කැලෑව දෙසට වන්නට ඉදිකර තිබූ හමුදා බංකරයක් මුලින් උදුරාගෙන එහි කුල්ලට රැගෙන නැවතත් ආ වේගයෙන්ම කැලෑව තුලට වැදී අතුරුදහන් වූයේ සියල්ලන් මවිත කරවමිනි. රැගෙන යන ලද බංකරය තුල සෙබළුන් 25ක් පමණ සිට තිබුණි. බුල්ඩෝසරයෙන් එය රැගෙන ගියද සෙබළුන් එළියට පැන දිවි ගලවා ගැනීමට සමත්විය. එහෙත් ඔවුන්ගේ සියළු දේ බංකරයත් සමග රැගෙන ගොස් තිබුණි. සමහර සෙබළුන්ගේ පඩි පැකට්ටු පවා ඒ තුල තිබූබව කියැවිණි. ඒ සිද්ධිය එතැනින් ඉවර විය. එහෙත් මේ ප්‍රහාරයෙන් පසු දිනපතා රාත්‍රියේ කඳවුරට ප්‍රහර එල්ල විය. එසේ ජූලි 11 දින රාත්‍රියේ ඇරඹුණු කොටි මෝටාර් ප්‍රහාරයක් බැලීමට පාගමනින් සපත්තු පාලම දෙසට ගිය මේජර් ලලිත් බුද්ධදාස මහතාද අවාසනාවන්ත ලෙස ප්‍රහාරයෙන් මරණීය තුවාල ලැබීය. ඔහුව යලි කඳවුරට රැගෙන ආවද උදරයට එල්ලවූ මෝටාර් කැබලිවල දරුණුකම නිසා පසු දින උදෑසන ඔහු ජීවිතක්ෂයට පත් විය. කඳවුරේ දෙවැනි අණ දෙන නිලධාරියාවූ ඔහුගේ අහිමිවීම සෙබළුන්ට මේ අවස්ථාවේ වැඩි වැඩියෙන් දැනෙන්නට විය.

   ඔහුගේ සිරුර රැගෙන යාමට පැමිණි හෙලිකොප්ටරයට කොටින්ගෙන් එල්ලවූ දැඩි ප්‍රහාරය නිසා එය කඳවුරට පහත් නොකරම ආපසු හරවාගෙන යෑමට සිද්ධ වූයේ ඉතා කණගාටුදායක ලෙසය. ඉක්බිති කඳවුර තුලම ආදාහනය කෙරුණු ඔහුගේ ශරීරයේ භෂ්මාවශේෂ ඥාතීන්ට යැවීමට තැන්පත් කෙරින. මේ සිද්ධීන් සමග එක දිගට සැපයුම් කරන ගුවන් යානාවලට එල්ලවූ කොටි ප්‍රහාර නිසා ගුවන් සැපයුම්ද අඩාල විය. සෙබළුන් පිරිසද කෙමෙන් කෙමෙන් මිය යන්නට වූ නිසා කඳවුරේ පිරිස් බලයද පිරිහෙන්නට පටන්ගෙන තිබුණි. මේ සමගම ආහාර ද්‍රව්‍ය, බෙහෙත් සහ වෙඩි උණ්ඩද සීඝ්‍රයෙන් අඩුවන්නට පටන්ගෙන තිබුණි. තුවාල වූ සෙබළුන්ගේ දිවි ගලවාගැනීම සඳහා අවශ්‍ය කරන බෙහෙත් ද්‍රව්‍ය නොතිබුන තත්ත්වයක් යටතේ සාජන් ගොඩමුනේ විසින් බරපතල තුවාල ලැබූ සෙබළුන්ගේ මර හඬ දීම් මධ්‍යයේම කිසිම වේදනා නාශකයක් නොදී වුවද, අමු අමුවේම ඔවුන්ගේ අත්පා පිහියා වලින් සහ කියත් පටිවලින් කපාදමා සෑහෙන පිරිසකගේ නැතිවන්නට ගිය ජීවිත බේරාගන්නා ලද්දේය.

    කඳවුරේ තිබූ විශාලම ප්‍රශ්ණය වූයේ පෙර සටන්වලදී අත්දුටු පරිදි කාලතුවක්කු ප්‍රහාරයිකින්වත් විනාශ නොවන ලෙස සන්නාහකොට නිමවා තිබූ බුල්ඩෝසරය කඳවුර මධ්‍යයට කඩා වැදුනහොත් එය නවත්වා ගැනීමට කුමක් කරන්නේද යන ප්‍රශ්ණයයි. බුල්ඩෝසරය දැක තිබූ සියළු දෙනා ලවා එහි පෙනුම ගැන රූපසටහන් ඇඳවාගන්නා ලදී. මේ අවස්ථාවේදී කඳවුරේ සියළුදෙනා කැඳවා ඒ ගැන සාකච්ඡා කිරීමට කරුණාරත්න සර් කටයුතු කරන ලදී. මේ සාකඡ්චාවේදී බුල්ඩෝසරය නැවැත්වීමට ඇති එකම ක්‍රමය එහි රූප සටහන්වලට අනුවද පැහැදිලිව දුටු බුල්ඩෝසරයේ පැවතුණු එකම දුර්වලත්වය වුනු රථයේ වා කවුලු තුළින් එය තුළට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ලකිරීම බවද එමගින් එය මෙහෙයවන්නා මරා දැමීම පමණක් බුල්ඩෝසරයේ ගමන නවතනු ඇති බවද සිංහ රෙජිමේන්තුවේ ඔෆිසර් කෙනෙක්ගේ අදහස විය.

    හොඳයි දැන් කවුද මේක කරන්න ඉදිරිපත් වෙන්නේ යැයි කරුණාරත්න මහතා විසින් පිරිසගෙන් විමසන ලදී. එසැනින් අත් 10ක් පමණ එසවිනි. ඔවුන් ඒ පිළිඹඳව සිය කැමැත්ත එක හඬින් ප්‍රකාශකර සිටියහ.

     මේ ක්‍රියාවේ ඇති බරපතල කම සහ මාරාන්තිකබව නැවත නැවතත් විස්තර කළද ඔවුන්ගේ පිළිතුර වූයේ සිය දිවි අහිමිවන බව දැන දැන වූවද මෙය කරනා බවමය ! අවසානයේ ඔවුන් අතරින් මේ කටයුත්තට සුදුසුමයැයි හැඟුනු තිදෙනෙකු තෝරාගන්නා ලදී. ඒ හසලක පදිංචි ලා.කෝ ගාමිණී කුලරත්න, දකුණේ සැරයන් මාරසිංහ සහ තවත් අයෙකි. කළයුතු දේ හොඳින්ම ඔවුන්ට පැහැදිලිකර දුන් පසු කොටි පැමිණිපසු පහරදෙන සැලැස්මක්ද සාදන ලදී. මේ අයුරින් සියල්ලෝම මරාගෙන මැරෙන සටනට සූදානම් වූහ. මෙහිදී සෙබළුන්ගේ චිත්ත ධෛර්යය කෙතරම් වැඩිවූයේද යත් උන්ගේම සෙට්වලින් උන්ටම කතා කොට වරෙව් යකෝ පුළුවන්නම් අපිට ගහන්න යැයි අභියෝග කරන ලදී.

     27 දා රාත්‍රිය එළඹින වේලාව සවස 5.55 විය. එක්වරම මතුවූ ඩෝසරය මහ හඬ නගමින් කඳවුර දෙසට ඇදෙන්නට විය. බුල්ඩෝසරයත් සමගම කොටි රැලක්ද කඳවුර දෙසට ඇදෙන්නට විය. ප්‍රහාරය ආරම්භවිය. සැලැස්මට අනුව හමුදා කාලතුවක්කු උණ්ඩ තොගයක් බුල්ඩෝසරය මත පතිත විය. එහි ප්‍රබලත්වයට ඇන්ජිම නතරවන විට යලි එය පණගන්වාගන්නා කොටි යළිත් ඉදිරියට ඇදෙති.

    මේ අතර ගාමිණී සහ අනෙත් දෙදෙනා නියම මොහොත එළඹෙනතුරු බලා උන්හ. ඒ මෙහොත එළඹින. කඳවුරේ ගල් බැම්ම බිඳගෙන කඳවුර දෙසට යන බුල්ඩෝසරය පසුපස සෙබළුන් තිදෙනා දිවයන්නට පටන්ගත්තේ දෙපසින්ම එල්ලවන වෙඩි ප්‍රහාර නොතකා ඒ මධ්‍යෙයේය. අගුලු හරිනලද අත් බෝම්බ දෙකක් දෑතට ගෙන දිවගොස් කොටි බුල්ඩෝසරයට එල්ලුනු ගාමිණී සිය ප්‍රහාරය සාර්ථකව නිම කළේ ඒ බෝම්බ දෙකම කවුළුව තුලින් බුල්ඩෝසරය ඇතුලට හෙලීමෙනි. ඒ සමගම කොහේදෝ සිට වා තලය කපාගෙන ආ වෙඩි උණ්ඩ ඔහුගේ සිරුර පසාරු කරගෙන පිටව යන ලද්දේය. ඔහු ඇදවැටුනු නමුත් පිපිරීමක් සමග බුල්ඩෝසරයේ කවුළුව තුලින් දුමාරයක් පිටවූයේ සැලැස්මේ සහ ගාමිණීගේ ප්‍රහාරයේ සාර්ථකත්වය කියාපාමිනි. කුලරත්නට පසුපසින් පැමිණි දෙවැනි සෙබලා වූ මාරසිංහගේ අගුලු හරින ලද අත්බෝම්බයක් වූ අතකට වෙඩි වැදී එය පුපුරා යාමත් සමග අනෙත් අතේ වූ බෝබ්මබයද පුපුරාගොස් ඔහුගේ දෑතම මැණික් කටුව ලඟින් වෙන්වී ඔහු ඇද වැටුනේය. අනෙක් සෙබලාද ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථමවම මියගොස් සිටියේය.
     අලිමංකඩ එදා සිදුවූ සැබෑ සිද්ධිය මෙයයි. කියවෙන්නේ ගාමිණීගේ නම පමණක් වූවද ඒ දිවි පිදූ අනෙක් විරුවන් දෙදෙනාටද සමස්ථ සටනේදී රට වෙනුවෙන් දිවි පිදූ සියල්ලන්ටද අපගේ ප්‍රණාමය හිමිවිය යුතුය.
© www.ElaKiri.com

LTTE Bulldozer
Click  On This Image For Full Size Picture.
LTTE Bulldozer
Click  On This Image For Full Size Picture.

Elephant Pass In War Time
Click  On This Image For Full Size Picture.

Elephant Pass
Click  On This Image For Full Size Picture.



War Hero
Click  On This Image For Full Size Picture.

War Hero
Click  On This Image For Full Size Picture.

Parama Weera Vibushanaya Medel
Click  On This Image For Full Size Picture.