Sunday, August 11, 2013

Halangoda Lake (Elle Wewa)


This Photo was taken on August 11, 2013 in Diyathalawa, Uva, Sri Lanka.
Using Panasonic Lumix DMC-S1 Camera
Click On this Image for full Size Picture
.

In 1945 Most Ven. Navulle Dammananda Thero wrote a sinhala historical book. It name is "History of Uva" in this book 6th chapter in 185 page has short and valuble description of Diyathalawa Town.

To aggrandize this city's beauty the Halangoda Lake was build by Brig. J.F. Halangoda (died) and his members. This Halangoda Lake is give up The beauty of Diyathalawa This Lake situated a front of Sri Lanka Military Academy oval shape film hall & behind Diyathalawa Air Force Camp

The late Brig.J.F.Halangode raised the 1st Battalion the Gemunu Watch(1 GW) on 7 December 1962 at Diyatalawa as the third Infantry Regiment of the Ceylon Army after the Ceylon Light Infantry and Singha Regiment.The nucleus of the Battalion was from mainly the Ceylon Light Infantry and Singha Regiment. The 2nd (vol) Battalion the Gemunu Watch at Galle and the 3rd (vol) Battalion the Gemunu Watch at Madera also joined the Gemunu Watch family in early 1963.The 1 GW was initially trained in Diyatalawa and deployed as a Battalion in Mannar on TAFFII (Task Force Anti Illicit Immigration ) duties in early 1963.The Gemunu Watch Regiment was the first Regiment in the Ceylon Army to have all its insignia in Sinhala and drew its inspiration from the glorious past of a warrior king,i.e.King Dutu Gemunu.The Battalion was the first to introduce the red hackle to the Army and was the first to be deployed in Wellawaya during the 1972 JVP insurrection. Its motto is Tarry not Forward (in pali it means "Ma Nivaththa Abbikkama").The Regiment draws much inspiration from the highlands of Uva where it is still based, by having the Regimental music of the "Highland Laddie" and the proud peacock as its insignia. The peacock is God Kataragama's chariot. It is a truly multi-ethnic and multi religious Regiment having the unique honor of having Commanding Officers and all ranks from all 4 communities of our society. It was awarded the Presidents and Regimental colors on 15th August 1980 in honor of its dedicated service

හලංගොඩ වැව (ඇල්ලේ වැව)

හලංගොඩ වැව සම්බන්ධව යම් විග්‍රහයක් ඉදිරිපත් කිරීමට ප්‍රථම දියතලාව නම් කදුකර කුඩා නගරය පිළිඹදව සටහනක් කිරීම කාලෝචිත යැයි අදහස් කරමි  අනුව (ව ඉතිහාසය ග්‍රන්ථෙයහි 185 පිටුව) දියතලාව සම්බන්ධව පූජ්‍ය පණ්ඩිතනාවුල්ලේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශයක් මෙම ලිපියට ඇතුලත් කිරීම උචිත යැයි අදහස් කරමි එනම්, 

"නානා රාෂ්ටික රණ සෙබලුන්ගේ නානා දේශික සුඛේප්ෂිත ජනයාගෙන්ද පිරැණු සුවදා රමණි නුවරක් වෙයි . විශේෂයෙන් සංග්‍රාමය පිළිඹදව නානාවිද මන්දිරසහස්‍රයෙන් හා නෘත්‍යශාලා පාඨශාලා ක්‍රීඩාංගනොද්‍යානාදී සකල නගරාංග ශ්‍රීයෙන්ද එනුවර පරිපූර්ණ වූයේ වෙයි. රෑ දෙවෙනි එක්වන් පැවැත්වෙන සවන් දෙදරවන වෙඩි හඩින් හා නානාවිදරනවුන්ගෙන්ද එනුවර බියදනසුලු වුවද, යුද්ධ අභ්‍යාස පිළිඹද පෙලපාලි දැක්වීමාදියෙන් හා ජීවදායක දේශගුණයෙන් යුක්ත වීමෙන්ද එය නිරතුරැ සෙවිය යුතු නුවරක් වෙයි"

ඉහත සදහන් නගර වර්ණනාව සියදහස්වාර තව තවත් ඔපවත් කරමින් ඉදිවූවකි හලංගොඩ වැව. අවට පිහිටි උස් කදු මුදුන් වලින් ගලා එන සිසිල් ජලධාරා රිදී රේඛාවන් බදුය. මෙම දිය දහරා වලට නිකරුනේ ගලා යාමට ඉඩ නොදී මාහැගි උතුම් අරමුනක් සදහා ජලය ඒකරාශී කල විශිෂ්ට ජලාශයකි හලංගොඩ වැව. මෙම වැව දියතලාව කුඩා නගරය අලංකාර කෙරෙන නීලමය අගනා මැණිකක් බදුය. එලවලු සහ මල් වගා කරන ගෙවීන්ට කල්පවෘක්ෂයකි. වී ගොවිතැනට මෙමගින් සැලසෙන විපුල සේවය විශේෂෙයන් අගය කල යුතුවේ.

රණවිරැවන්ගේ කායික අභ්‍යාස සදහාත් චිත්ත දෛර්යය වර්ධනයටත් මෙන්ම වෙනත් යුධ පුහුණු ක්‍රියාකාරකම් වලට මෙම වැවෙන් සිදුවන්නේ අමිල සේවයකි එපමනක්ද නොවේ විනෝදකාමීන්ගේ සංචාරකයින්ගේ සහ කලාරසිකයින්ගේ නිබද අමන්දානන්දයට මෙම රමනීය වැව මහෝපකාරී වේ. කොයි කාගෙත් නෙත් සිත් පිනවන මනස්කාන්ත පියකරැ දසුනකි මෙම හලංගොඩ වැව.

කවියට කලාවට රස ගෙනදෙන පුදුම
රණවිරු පහස විදුමට රිසි හැම විටම
කොමලිය මාපි සෙනෙහස පිරි ඇති පරම
හැන්දෑවටයි ඔබ ලස්සන වැඩි පුරම




Halangoda Lake drive
This Photo was taken on August 11, 2013 in Diyathalawa, Uva, Sri Lanka.
Using Panasonic Lumix DMC-S1 Camera
Click On this Image for full Size Picture.
Halangoda Lake drive
This Photo was taken on Apirl 26, 2012 in Diyathalawa, Uva, Sri Lanka.
Using Panasonic Lumix DMC-S1 Camera
Click On this Image for full Size Picture.


Beauty of Halangoda Lake
This Photo was taken on Apirl 26, 2012 in Diyathalawa, Uva, Sri Lanka.
Using Panasonic Lumix DMC-S1 Camera
Click On this Image for full Size Picture.

Halangoda Lake
This Photo was taken on August 11, 2013 in Diyathalawa, Uva, Sri Lanka.
Using Panasonic Lumix DMC-S1 Camera
Click On this Image for full Size Picture.

හලංගොඩ වැවේ අසිරිය පෝෂණය සපුරාලන තවත් බොහෝදේය. පිරිපුන් යෞවනියකගේ උඩුකය සිහිගන්වමින් "පිපපොට්ස්" කදුයායෙන් ආරම්භව තනිගහ කන්ද (වන්ට්‍රි හිල්) නරියා කන්ද (ෆොක්ස් හිල්) මෙන්ම තේජාන්විත බවින් අනූන බෝකන්ද (බෝට්‍රි හිල්) ප්‍රධාන කොට කදුවලල්කින් රැකවරණය ලබන මෙම වැව් රාජිනියගේ උපතට හේතු කාරණා සටහන් කිරීම අත්ශයින්ම වැදගත් වනු ඇත.


3 වර්ෂ 1960 ආරම්හයත් සමගම ශ්‍රී ලංකා යුධ හමුදාවය තවත් පාබල සේනාංකයක අවශ්‍යතාවය තදින්ම බලපාන්නට විය. මෙම නව බල ඇණිය ස්ථාපනය කිරිමේ භාරදූර වගකීම සෙනපති ජේ එෆ් හලංගොඩ (මියගිය) මහතානන්ට භාර විය බල ඇණියට සෙබලුන් ඒකරාශී කර ගැනීමට පලමුව ඒ සදහා නමක් තෝරා ගැනීම අතිශයින්ම වැදගත් කරුණකි. ඓතිහාසික මෙන්ම නව යුගයට උචිත නාමයක් ගැන සෙන්පති හලංගොඩ මහතා ගැඹුරින් කරුණු අධ්‍යයනය කලේය. ඉතිහාසය පිළිබදප්‍රවිණයන්ගෙන් යුධ විශ්ලේෂකයන්ගෙන් මෙන්ම විවිද උගතුන්ගේද අදහස් විමසා බැලීමට මහත් පරිශ්‍රමයක් දැරීය.
නිර්භීතව පෙරමුණටම ගොස් අභිතව සටන් කර ජයගත් ශ්‍රේෂඨ රජ කෙනෙකුගේ නමක් ගැන සැලකිලිමත් විය. සංග්‍රාමික දක්ශතා ය, මෙන්ම ශ්‍රී ලංකාවම එක්සේසත් කර, බත බුලතින් සරුසාර කර වැව්ණි අමුණු, දාගැබ් වෙහෙර විහාර ජාතියට දායාද කල දුටු ගැමුණු මහ රජතුමාගේ නමින් බලඇණිය නම් කල යුතු බව සම්මත විය. (පුජාවලිය 34 වන පරිච්චේදය 29 වන පිටුව) මේ අනුව "ගැමුණු හේවා බල ඇණිය " නමින් නිල වශයෙන් බල ඇණය නම් කරන ලදී,

බල ඇණිය නම් කිරීමෙන අනතුරුව බල ඇණි පාඨය තෝරා ගැනීමද එතරම් ලේසි පහසු කටයුත්තක් නොවීය. සෙබළුන්ගේ චිත්ත ධෛර්යය නිරතුරුවම උද්දීපනය වන අයුරින් ඕනෑම බැරෑරුම් ක්‍රියාවකට එඩිතරව ඉදිපත් වීම පිළිබිඹු කරන ආකාරයේ පාඨයක් තෝරා ගත යුතු විය. උගත් ප්‍රවීණ පඬිවරයින්ගේද අදහස් විමසීමෙන් පසුව බල ඇණි පාඨය (Watch word ) වශයෙන් "මා නිවන්ත අභික්කම - නොනවතුව අභිමුඛවෙව" යන උතුම් පාඨය (ශ්‍රී සද්ධර්මප්‍රදීපය 22 වැනි පිටුව) බල ඇණි පාඨය ලෙසින් ස්ථීර විය. මෙම අති උත්කෘෂ්ටවත් පාඨය ඉරහද පවතිනා තුරු ගැමුණු හේවායින්ගේ සිරස් ලාංඡනයේ විරාජමානව වැජඹෙනවා ඇත.

ඉක්බිතිව ප්‍රාථමික යුධ පුහුණුව ලැබු ප්‍රථම ආධුනීක භට කණ්ඩායමද පලවෙනි ගැමුණුහේවා බල ඇනියට සම්ප්‍රාප්ත විය. බොහෝ දුෂ්කර වුවත් කාර්යය බහුල වූත් කෙටි කාලපරිච්චේදයක් ඉකුත් වී 1962 දෙසැම්බර් මාසයේ 07 දින උදා විය. මෙම ඓතිහාසික දිනයේ පලවෙනි ගැමුණුහේවා බල ඇණියේ ප්‍රථම අණදෙන නිලධාරි පදවියට ලුතිනන් කර්නල් ජේ එෆ් හලංගොඩ මහතා පත්විය. (ගැමුණු හඬ 1987, 17 වැනි පිටුව)

 අවට ලඳු කැලෑ එලි පෙහෙලි විය. තැනින් තැන තිබු උසට වැඩුණු ගහකොල කපා ඉවත් කෙරිණ. මුලින් පැමිණි ගැමුණු රණවිරුවන්ගේ බාහු බලයෙන් පස් පිඩැල්ලෙන් පිඩැල්ල කැපී ක්‍රමක්‍රමයෙන් වැව් බැම්ම ශක්තිමත් විය. සොරාව්වේ කටයුතුද නිමා විය. නිනව්වක් නැතිව නිකරුනේ ගලාගිය රිදී රේඛාවන් ජලරැලි එක්තැන් විය. අණදෙන නිලධාරීතුමා සමග ගැමුණු රණ විරුවන් උද්දාමයට පත්විය. ප්‍රීති ඝෝෂා දසත පැතිරිනි. හලංගොඩ නාමය සදානුස්මරණයට එක්කර සුන්දර ජලාශයක් දියතලාවට හිමිවිය.

Lt. Col. J.F Halangoda
Click On this Image for full Size Picture.



Uva History Cover Page.
Click On this Image for full Size Picture
Uva History In Side
Click On this Image for full Size Picture.

Uva History 185th  page
Click On this Image for full Size Picture.



















Pujawaliya Cover.
Click On this Image for full Size Picture.
Pujawaliya Cover.
Click On this Image for full Size Picture.


Pujawaliya 29th  Page.
Click On this Image for full Size Picture.

The Watchword 1982
Click On this Image for full Size Picture.




Google View Of This Lake.
Click On this Image for full Size Picture.


No comments:

Post a Comment