Wednesday, November 27, 2013

Katthahari Jathakaya

Click This Image For Full Size Picture.
7.කට්ඨහාරී ජාතකය  (ජාතක කථා පොතේ සදහන් අන්දමට)

තවද එක් සමයෙක්හි සකල ලොකානන්දනය කරවූ බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසනසේක් වාසභක්‍ෂත්‍රියාවන්ගේ කථාව අරභයා මේ ජාතකය වදාළ සේක.

මෙහි වර්ථමාන කථාව දොළොස්වැනි නිපාතයෙහිවූ භද්‍රසාල ජාතකයෙහි මතු පහළවන්නේය. ඒ වාසභක්‍ෂත්‍රියාවෝ වනාහී මහා නාම නම් ශාක්‍ය රජ්ජුරුවන්ගේ දුවනියෝය. නාගමුණ්ඩා නම් දාසියගේ කුස පිළිසිඳ ගත්තාය. කොසොල් රජ්ජුරුවන්ට අගමෙහෙසුන් වූවාය. ඕ තොමෝ රජ හට ප්‍රිය වූ පුත්‍රයෙක් වැදුවාය. කොසොල් රජ වනාහි වාසභක්‍ෂ්‍රියාන්ගේ දාසි භාවය පසු දැන ස්ථානාන්තරයේ පිරිහෙලුවේය. විඩුඩභ නම් පුත්‍රයාගේ ද ස්ථානන්තරය පිරිහෙලුවේය. ඔහු දෙදෙනාම රජගෙය ඇතුළත ම වසන්නාහ. බුදු රජානන් වහන්සේ ඒ කාරණය දැන වදාරා පෙරවරු පන්සියයක් භික්ෂූන් පිරිවරා රජගෙට වැඩ පනවන ලද ආසනයෙහි වැඩ හිඳ මහරජ වාසභක්‍ෂත්‍රියාවෝ කොයිදැයි වදාල සේක. කොසොල් රජ්ජුරුවෝ ඒ කාරණය දැන්වූයේය. මහරජ වාසභ ක්‍ෂත්‍රියාවෝ කවරක්හුගේ දුවණියෝ දැයි විචාල කල්හි ස්වාමින් වහන්ස මහානාම නම් රජහුගේයැයි කීසේක. කවරක්හු නිසා ආයේදැයි වදාල කල්හි ස්වාමීන් වහන්ස මා නිසා යයි කීවෝය. මහරජ වාසභක්‍ෂත්‍රියාවෝ රජහුගේ දුවණියෝය. රජහු නිසාම අවුය. රජහු නිසාම පුත්‍රයෙක් ලද්දීය. ඒ පුත්‍ර තෙම කවර කාරණයකින් පියාණන් අයිති රාජ්‍යයට හිමිනොවන්නේද. පූර්ව කාලයේදී රජදරුවෝ මොහොතක් වත් එක්ව වාසය කලාවූ දරුකැටියාගේ බඩෙහි උපන්නාහු පුත්‍රයෙකු ලැබ ඒ පුත්‍රයාට රාජ්‍ය දෙන්නාහුයැයි වදාල කල්හි කොසොල් රජ තෙම ඒ කාරණය පහල කරන පිණිස භාග්‍යවතුන් වහන්සේට යාඤ්ඥා කළේය. භාග්‍යවතුන් වහන්සේ භවයෙන් වැසි තිබූ කාරණය ප්‍රකාශ කොට වදාල සේක.

කට්ඨහාරී ජාතකය (සරල සිංහල තේරුම)

යටගිය දවස බරණැස්නුවර රාජ්‍ය කරන්නාහු බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙක් මහත් වූ පිරිවරින් උයනට ගොස් එහි පුෂ්ප ඵල ලෝභයෙන් හැසිරෙන සේක් උයන් වන ලැහැබෙහි ගායනා කොට දර නෙලන්නාවූ එක් ස්ත්‍රියක දැක පිළිබඳ සිත් ඇතිව තෘෂ්ණා සන්තවය කලෝය. එකෙණෙහිම අප මහ බෝධිසත්වයානන් වහන්සේ ඒ ස්ත්‍රියගේ බඩෙහිම පිළිබඳ ගත් සේක. එකෙණෙහිම ඇගේ බඩ විදුරුපුරනා ලද්දක් මෙන් ගරු වූ කුක්ෂිය වූයේය. ඒ ස්ත්‍රිය ගැබ පිහිටි බව දැන මහරජ මගේ ගර්භය පිහිටියේයැයි කීවාය. එකල්හි ඒ රජතෙම අන්කෘෂ්ට මුද්‍රිකාව දී ඉඳින් දුවනිකෙණෙක් වූ නම් මේ අන්කෘෂ්ට මුද්‍රිකාව විකුට පෝෂ්‍ය කලව. ඉඳින් පුත්‍රයෙක් වී නම් මුද්‍රිකාව හා සමග මාගේ සමීපයට ගෙණ එවයි කියා වැඩි සේක. ඒ ස්ත්‍රිද ගර්භිය මුහුකුරණ ලද්දී බෝධි සත්වයන් වහන්සේ වැදුවාය. ඒ අප මහා බෝධිසත්වයාණන් වහන්සේ ඔබ මොබ හැසිරෙන කල්හි කෙළෙි මඩුල්ලෙහි ලදරුවෝ උන් වහන්සේට මෙසේ කියන්නාහු. පියාණන් නැත්තාහූ විසින් පහරණ ලදුම්හැයි කියන්නාහුය. ඒ අසා බෝධිසත්වයන් වහන්සේ මෑණියන් සමීපයට ගොස් මෑණියනි මාගේ පියාණෝ කව්දැයි විචාළසේක. පුත්‍රය තෙපි බරණැස් රජහුගේ පුත්‍රයකැයි කීවාය. මෑණියනී කිසි සලකුණක් නැත්තේදැයි විචාල සේක. පුත්‍රය රජ්ජුරුවෝ මේ මුද්‍රිකාව දී ඉඳින් දුවනි කෙණෙක් වී නම් මේ මුද්‍රිකාව වෙතට පෝෂ්‍ය කරව ඉඳින් පුත්‍රයෙක් වී නම් මේ මුද්‍රිකාව හා සමග ගෙනෙවයි කියා ගියසේක්යැයි කීවාය. මෑණියනි එසේ කල්හි කවර කාරණයකින් මා පියාණන්ගේ සමීපයට කැඳවාගෙන නොයන්නේයැයි කී සේක. ඒ ස්ත්‍රිය අප බෝසතානන්ගේ අඬ්‍යාස දැන රාජවාස භවන චාරයට ගොස් රජහට කීව්වාය. රජහු විසින් කැඳවනු ලබන්නේ රජගෙට වැද රජහට වැඳ මහරජ්ජුරුවන් වහන්සේ නුඹ වහන්සේගේ මේ තෙම පුත්‍රයකැයි කීවාය. රජ්ජුරුවෝද දක්නා සේක්ම පරිෂිත් මැද ලැජ්ජාවෙන් මාගේ පුත්‍රයෙක් නොවෙයි කී සේක. මහරජ්ජුරුවන් වහන්ස. නුඹ වහන්සේ ගේ මේ මුද්‍රිකාව මේ දැන ගනුවයි කීවාය. මේ ද මාගේ මුද්‍රිකාවක් නොවෙයි කී සේක. මහරජ්ජුරුවන් වහන්සේ දැන් සත්‍යක් ක්‍රියාව හැර මට අනෙක් සාක්ෂියක් නැත්තේය. මේ ලදරු තෙම නුඹවහන්සේ නිසා උපන්නේ නම් අහස්හි සිටවයි. ඉඳින් එලෙස නොවුයේ වී නම් බිමහි මරණයට පැමිණේවයි කියා බෝධිසත්වයාණන් වහන්සේගේ පාද වන්දය අල්වාගෙන අහස්හි දැමුවාය. අප මහා බෝධිසත්වයානන් වහන්සේ අහස්හි පලක් බැඳ උන් සේක්. මිහිරි වූ කඩහඬින් ප්‍රිය මහා රජ හට බණ වදාරණ සේක් මෙසේ වදිලසේක. මහරජ මම නුඹ වහන්සේගේ ආත්මජ පුත්‍රයෙක්මි. ජන ප්‍රධාන වූ මහරජ නුඹ වහන්සේ මා රක්ෂා කොට වදාල මැනව. මහරජ්ජුරුවන් වහන්ස හස්ති බන්ධ අශ්ව බන්දාධි වූ මනුශ්‍යයන්ද සත්‍යය ස්වාදී වූ තිරස්චින සත්වයන් රක්ෂා කරණ සේක් ස්වකීය පුත්‍රවූ මහරක්ෂා නොකරණ සේක් දැයි නින්දා කිරීමෙන් හා අනුග්‍රහ කිරීමෙන් මෙසේ වදාල සේක. අහස්හි හිඳ මෙසේ ධර්මදේශනා කරන්නා වූ බෝධි සත්වයානන් වහන්සේගේ ධර්මය අසා පුත්‍රය මෙසේ වර මම්ම පෝෂ්‍ය කරමියි මම පෝෂ්‍ය කෙරෙමියි කියා අත දිගු කල සේක. අනෙකුත් සත්වයෝ දහස් ගණන් අත් දිගු කළාහුය. බෝධිසත්වයානන් වහන්සේ අනෙක් කෙණෙකුගේ අතට නොබැස රජහුගේ අතටම බැස ඇකයෙහි උන් සේක. රජ්ජුරුවෝ අප මහා බෝධිසත්වයාණන් වහන්සේට යුව රාජ්‍ය දෙව් සේක. මෑණියන් වහන්සේ අගමෙහෙසි කළ සේක. බෝධිසත්වයාණන් වහන්සේ රජහු ඇවෑමෙන් කාශ්ට වාහන නම් රජහ දැහමෙන් සෙමෙන් රාජ්‍ය කොට කම් වූ පරිද්දෙන් මිය පරලොව ගියසේක. සාස්තෘ වූ බුදුරජානන් වහන්සේ කොසොල් රජ හට මේ ජාතක ධර්ම දේශනාව ගෙන හැර දක්වා වදාරා අතීත කථාව හා වර්ථමාන කථාව දක්වා පූර්වාපර සන්ධි ගලපා මේ කට්ඨහාරී ජාතකය නිමවා වදාල සේක. එසමයෙහි මෑණියෝ නම් දැන් මහා මයා දේවිය පියාණෝ නම් සුදවුන් මහරජානෝය කාශ්ඨ වාහන නම් රජව උපන්නෙම් තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජු වූ මමම වෙම්දැයි තමන්වහන්සේ දක්වා වදාල සේක.


7. Katthahari Jataka

Once on a time Benares Brahmadatta the king, having gone in great state to his pleasaunce, was roaming about looking for fruits and flowers when he came on a woman who was merrily singing away as she picked up sticks in the grove. Falling in love at first sight, the king became intimate with her, and the Bodhisatta,  was conceived then and there, Feeling as heavy within as though weighed down with the bolt of Indra, the woman knew that she would became a mother, and told the king so. He gave her the signet-ring from his finger and dismissed her with these words: - “If it be a girl, spend this ring on her nurture; but if it be a boy, bring ring and child to me.”

When the woman’s time was come, she bore the Bodhisatta, And when he could run about and was playing in the playground, a cry would arise, “No-father has hit me!” Hearing this, the Bodhisatta, ran away to his mother and asked who his father was.

 “You are the son of the King of Benares, my boy.” What proof of this is there, mother?” “My son, the king on leaving me gave me but signet-ring and said, ‘If it be a girl, spend this ring on her nurture; but if it be a boy, bring ring and child to me.” “Why then don’t you take me to my father, mother?”

 Seeing that the boy’s mind was made up, she took him to the gate of the palace, and bade their coming be announced to the king. Being summoned In, she entered and bowing before his majesty said, “This is your son, sire.”

The king knew well enough that this was the truth, but shame before all his court made him reply, “He is no son of mine.” “But here is your signet-ring, sire; you will recognise that.” “Nor is this my signet-ring.” Then said the woman, “Sire; I have now no witness. to prove my words, except to appeal to truth. Wherefore, if you be the father of my child, I pray that he may stay in mid-air; but if not, may he fall to earth and be killed.” So saying, she seized the Bodhisatta by the foot and threw him up into the air.



No comments:

Post a Comment