Tuesday, November 26, 2013

Haputhale-Gama Sri Bimbarama Ancient Temple

අළුතින් ඉදිකල විහාරස්ථානයේ වාහල්කඩ
This Photo was taken on November 26, 2013 in Haputhale-Gama, Uva, Sri Lanka.
Using Panasonic Lumix DMC-S1 Camera
Click On this Image for full Size Picture.
වැවයි, දාගැබයි, ගමයි පන්සලයි, යන සංකල්පය ප්‍රකට කරගෙන තිබෙන ගම්මානයක් ලෙස හපුතලේගම ගම්මානය හැදින්විය හැකිය. මෙම ගම්මානයට ආලෝකයක් වන ශ්‍රී බිම්බාරාම පුරාණ විහාරස්ථනය වර්ශ 200 පමණ ඉතිහාසයකය නෑකම් කියන ප්‍රදේශයේ ඉපැරණිම විහාරස්ථානය ලෙස කාගේත් ගෞරවයට පාත්‍ර වී ඇත.
විහාරස්ථානය අවට ඇති හපුතලේගම ගම්මානයේ සුන්දරත්වය
This Photo was taken on November 26, 2013 in Haputhale-Gama, Uva, Sri Lanka.
Using Nikon Coolpix S80 Camera
Click On this Image for full Size Picture.

මෙහි ආදී කතෘවරයාණන් වහන්සේ වනුයේ හපුතලේ අත්ථදස්සි නාහිමි පානන් වහන්සේය. උන්වහන්සේ විහාරස්ථානය ආරම්භ කර ප්‍රදේශයේ ජනතාව ආගමික වතාවත් ඉටු කිරීමට හා සදාචාර වර්ධනයට අවශ්‍ය පසුබිම ඇති කළහ. උන්වහන්සේගේ ඇවෑමෙන් අඹගහ කුඹුරේ ධම්මාභිරාම නාහිමිපාණන් වහන්සේ විහාරාධිපති ධූරයට පත්වු අතර තම ගුරැ දේවයන් වහන්සේ ආරම්භ කල කටයුතු තවදුරටත් ඉදිරියට පවත්වගෙන ගිය සේක. එය ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ ප්‍රසාදයට හේතු විය.
විහාරස්ථානය ඈතට පෙනෙන අයුරැ
This Photo was taken on November 26, 2013 in Haputhale-Gama, Uva, Sri Lanka.
Using Nikon Coolpix S80 Camera
Click On this Image for full Size Picture.

ශ්‍රී බිම්බාරාම විහාරස්ථානයේ ස්වර්ණමය යුගය උදාවුණේ අතිපූජ්‍ය හපුතලේ ශ්‍රී ජනානන්ද නායක ස්වාමීන් වහන්සේ විහාරාධිපති ධූරයට පත්වීමත් සමගයි. උන්වහන්සේට උපතින්ම ලැබුණු දැඩි පෞරැෂත්වයත් මනා කළමණාකාරිත්වයත්, සෘජු නායකත්වයත් නිසා ශ්‍රී බිම්බාරාම පුරාණ විහාරස්ථනය ඉතා කෙටි කලකදී අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් විය. "බිම්බ" යන්න ප්‍රකට සුදුසු පරිසරයක විහාරස්ථානය පිහිටි බැවින් එහි අලංකාරය වාඩාත් ප්‍රකට විය. බෝධින් වහන්සේ විහාරස්ථානයේ ඉහලින්ම පිහිටා ඇති අතර, විහාර මළුව තුල අංග සම්පූර්ණ විහාර මණ්දිරය, චෛත්‍යරජාණන් වහන්සේ, ධර්මශාලාව, සීමා මාලකය, ඝණ්ඨාර කුළුණ, පිහිටා ඇත. දුටුවන්ගේ ආගමික භක්තිය ජනිත වන ආකාරයට මෙහි විහාරාංග නිරිමාණය වී ඇති අතර , අද දවසේ වුවද බෞද්ධ ජනතාව තුල බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කිරීමට හේතු වත බව කාගේත් හැගීමයි. මෙහි දියුණුවට එකල සිටි සුදු ජාතික වතු පාලකයින් පවා ඉදිරිපත්වී ඇති ආකාරය ඉතිහාසය කරැණු තුලින් සනාථ වේ. හපුතලේ එඩිසම් නම් බංගලාව සැදූ විලියමි නම් වතු අධිකාරිවරයා ඉන් කෙනෙකි. එතුමා විසින් විහාරස්ථ සංඝ ගොඩනැගිල්ලට මුල්ගල තැබූ වැලි හැන්ද අද වන විට එඩිසන් බංගලාවේ සුරක්ෂිතව පැවතීම ඊට කදිම සාක්ෂියකි.
විහාරස්ථානයේ බෝධීන් වහන්සේගේ පැතිකඩක්
This Photo was taken on November 26, 2013 in Haputhale-Gama, Uva, Sri Lanka.
Using Nikon Coolpix S80 Camera
Click On this Image for full Size Picture.

විහාරස්ථානයේ බුදුමැදුර
This Photo was taken on November 26, 2013 in Haputhale-Gama, Uva, Sri Lanka.
Using Panasonic Lumix DMC-S1 Camera
Click On this Image for full Size Picture.
විහාරස්ථානයේ චෛත්‍යරාජයානන් වහන්සේ
This Photo was taken on November 26, 2013 in Haputhale-Gama, Uva, Sri Lanka.
Using Panasonic Lumix DMC-S1 Camera
Click On this Image for full Size Picture.

බොහෝ විහාරස්ථානවල දක්නට නොලැබෙන සීමාමාලකය
This Photo was taken on November 26, 2013 in Haputhale-Gama, Uva, Sri Lanka.
Using Panasonic Lumix DMC-S1 Camera
Click On this Image for full Size Picture.

මෙම විහාරස්ථානයේ සිදුවූ ආගමික සේවාව වඩාත් ප්‍රචලිත කිරීම වස් දියතලාව නගරයට ආසන්නව කදුරැගොඩ විහාරස්ථානය ආරම්භ කරන ලදී. එපමණක් නොව මෙම විහාර සංඝ පරම්පරාව ප්‍රබල සංඝ පීතෘවරයන්ගෙන් පෝෂණය වූ විහාර පරම්පරාවකි. උන්වහන්සේලා ලක්දිව පමණක් නොව විදේශ රට වලද ධර්ම ප්‍රචාරණ කටයුතු වල නිරත වූහ. මෙම සංඝ පරපුරේ මේ වන විට පස්වැනි පරම්පරා දක්වා ඉදිරියට යාම ප්‍රදේශයේ ජනතාවගේ අමන්දානන්දයට හේතුවේ.
හපුතලේ ශ්‍රී ජනානන්ද හිමියන්ගේ සමාධිය
This Photo was taken on November 26, 2013 in Haputhale-Gama, Uva, Sri Lanka.
Using Panasonic Lumix DMC-S1 Camera
Click On this Image for full Size Picture.

වර්ථමානයේ ආගමික, සංස්කෘතික, අධ්‍යාපනික මධ්‍යස්ථානයක් ලෙස වඩාත් දියුණු තත්වයට පත්ව ඇති හෙයිනි 1996.11.01 වන දින රජයේ ගැසට් පත්‍රයේ හපුතලේගම ශ්‍රී බිම්බාරාම පුරාණ විහාරස්ථනය මතුපරපුරට ආරක්ෂා කල යුතු රජ මහා විහාරස්ථානක් ලෙස නම් කර ඇත. එය ප්‍රදේශයේ ජනතාවට මහත් භාග්‍යයකි. ප්‍රදේශයේ ඉපැරනිතම විහාරස්ථානය වන නිසා "මහ පන්සල" යන විරැදාවලියද හිමිව ඇත. එපමණක් නොව ආගමික මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී බිම්බාරාම පුරාණ විහාරස්ථනයෙන් ප්‍රදේශයට අමරණීය සේවයක් සිදුවන බය අතිශෝක්තියක් නොවේ.
හපුතලේගමට පෙනෙන හපුතලේ නගරය
This Photo was taken on November 26, 2013 in Haputhale-Gama, Uva, Sri Lanka.
Using Panasonic Lumix DMC-S1 Camera
Click On this Image for full Size Picture.
විහාරස්ථානයේ ඉහල ඇති බෝධීන් වහන්සේ
This Photo was taken on November 26, 2013 in Haputhale-Gama, Uva, Sri Lanka.
Using Panasonic Lumix DMC-S1 Camera
Click On this Image for full Size Picture.
විහාරස්ථ ආවාසගෙය
This Photo was taken on November 26, 2013 in Haputhale-Gama, Uva, Sri Lanka.
Using Panasonic Lumix DMC-S1 Camera
Click On this Image for full Size Picture.
දියතලාව - වල්ගහවෙල - බොරලන්ද මාර්ගයේ ඇති විහාරස්ථානයේ නාම පුවරැව
This Photo was taken on November 26, 2013 in Haputhale-Gama, Uva, Sri Lanka.
Using Panasonic Lumix DMC-S1 Camera
Click On this Image for full Size Picture.

විහාරස්ථානයේ අලංකාරය වැඩි කිරීම සදහා සාදා තිබෙන නිර්මාණයක්
This Photo was taken on November 26, 2013 in Haputhale-Gama, Uva, Sri Lanka.
Using Panasonic Lumix DMC-S1 Camera
Click On this Image for full Size Picture.

No comments:

Post a Comment